11 May, 2017

නහී වේරේන වේරානී : සම්බෝධි විහාරයේදී පාදෙණිය – රංජන් හමුවෙයි! (Photos)

Ranjan meets Padeniya

වෙසක් පොහොය නිමිති කොට ගනිමින් ඊයේ (10) කොළඹ ශ්‍රී සම්බෝධි විහාරයේ විශේෂ වැඩසටහනක් පැවැත්විණි. එම උත්සවයේදී ඉතා සුන්දර සිදුවීමක් දක්නට ලැබුනා.

පසුගිය දිනවල පැවති වෛද්‍ය වර්ජනය අතර තුර වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය සහ නි. අමාත්‍ය රංජන් රාමනායක අතර දැඩි මතගැටුමක් පැවති අතර එය මාධ්‍ය තුල දැඩි ලෙස කතා බහට ලක්විය.

නමුත් අද පැවති සම්බෝධි විහාරයේ උත්සවයට මෙ දෙදෙනාම සහභාගී වූ අතර ඔවුන් එහිදී ඉතා සුහදව කටයුතු කලා.

වෛරයෙන් වෛරය නොසන්සිඳෙන බවට වූ උතුම් බුද්ධ වචනයට නව අරුතක් ලබාදුන් එම දෙපලට මේ සසර කෙළවර සිතන පතන බෝධියකින් අමාමහ නිවන්සුව ලැබේවායි අප ප්‍රාර්ථනා කරනවා.

එහිදී ගත් ජායාරූපයක් නි. අමාත්‍ය රංජන් රාමනායක මහතාගේ ෆේස්බුක් ගිණුමේ පළකර තිබූ ආකාරය පහතින් දැක්වේ.



(harigossip)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "නහී වේරේන වේරානී : සම්බෝධි විහාරයේදී පාදෙණිය – රංජන් හමුවෙයි! (Photos)"

    Post a Comment