11 May, 2017

මරණය පෙනී පෙනී මස් කඩය ළඟඳී කිරි එළදෙනට පැටියකු ලැබිලා

Abattoirs cow cub born

මස් පිණිස මරන්නට ගෙන ගිය ගැබ් ගත් එළදෙනකට මරණය පෙනි පෙනී පැටියා බිහි වෙලා. පැටවාගේත් මවගේත් ජීවිත බේරාගන්න අනුරාධපුර, කහටගස්දිගිලිය මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිතුමිය ඇතුළු ගුරු මණ්ඩලය, කාර්ය මණ්ඩලය සහ සිසු දරුවන්ට හැකි වූ බව කහටගස්දිගිලිය මධ්‍ය මහා විද්‍යාලයේ සෞඛ්‍ය හා ශරීරික අධ්‍යාපන ගුරුවරයකු වන ශාන්ත යාපා මහතා පැවසීය.

වෙසක් සතිය නිමිති කරගෙන ගවයකු හට අභය දානය ලබා දීම නිකවැවේ ධම්මාලෝක හිමියන්ගේ අනුශාසකත්වයෙන් පාසලේ විදුහල්පතිතුමිය වන එම්.බී.එල්. විජයන්ගනී මහත්මිය, ගුරුවරයකු වන ශාන්ත යාපා මහතා ඇතුළු කාර්ය මණ්ඩලය පසුගියදා තීරණය කර ඇත. 

එම තීරණය නිසා මෙම ගවයා රුපියල් (60,000ක්) ගෙවා නිදහස් කරගෙන පාසල වෙත ගෙනැවිත් පාසලේ සිසු දැරිවියකට ලබා දීම පාසල් භූමියේදී පෙරේදා (09දා) සිදු විය. 

මෙම සිදුවීම පිළිබඳව අදහස් දැක්වූ ශාන්ත යාපා මහතා, මම ගියා කහටගස්දිගිලිය කිරිඉබ්බෑව කියන ගමේ තියෙන හරක් මස් කඩයට. 

හෙට දිනේට මරන්නට ඉන්න හරක් වෙන් කරලා තියෙන තැන තමයි මේ එළදෙනත් ඉඳලා තියෙන්නේ. පසු දාට එළි වෙන්න මේ එළදෙනට පැටියා බිහි වෙලා. 

මම ගියාට පස්සේ මස් කඩේ අය මේ එළදෙන පෙන්නුවා. පැටවාත් එළදෙනටත් වටිනාකම වශයෙන් රුපියල් 60,000ක මුදලක් අපි ගෙව්වා. ඉන් අනතුරුව මරණයට කැපවුණු ගවයා අපට නිදහස් කර ගැනීමට හැකි වුණා. 

මැදවච්චිය _ ගයාන් (mawbima)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මරණය පෙනී පෙනී මස් කඩය ළඟඳී කිරි එළදෙනට පැටියකු ලැබිලා"

    Post a Comment