12 April, 2017

සුභ මොහොතින් වැඩ අරඹන්න "අවුරුදු නැතැත් සීට්ටුව" මෙන්න

Sinhala Awurudu

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උදාවීමට ඇත්තේ තව කෙටි කාළයක්. ඒ සඳහා වන අදාළ චාරිත්‍ර සිදු කරන නැකැත් වේලාවන් පහත පරිදි වේ.

පරණ අවුරුද්ද සඳහා ස්‌නානය :-

අප්‍රේල් මස 12 වැනි බදාදා දින කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු ගා ස්‌නානය කොට ඉෂ්ට දේවතා අනුස්‌මරණයෙහි යෙදී වාසය මැනවි.

අලුත් අවුරුදු උදාව :-

අප්‍රේල් මස 13 වැනි බ්‍රහස්‌පතින්දා රාත්‍රි 2.04 ට හෙවත් අප්‍රේල් මස 14 වැනි සිකුරාදා පූර්වභාග 02.04 ට අලුත් අවුරුද්ද උදාවෙයි.

පුණ්‍ය කාලය 
:-

අප්‍රේල් මස 13 වැනි බ්‍රහස්‌පතින්දා අපරභාග 07.40 සිට අප්‍රේල් මස 14 වැනි සිකුරාදා පූර්වභාග 08.28 දක්‌වා පුණ්‍ය කාලය බැවින්, අප්‍රේල් මස 13 වැනි බ්‍රහස්‌පතින්දා දින අපරභාග 07.40 ට පළමුව ආහාරපාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම ද, පුණ්‍ය කාලයේ අපර කොටස තුළ එනම්, 13 වන බ්‍රහස්‌පතින්දා රාත්‍රී 2.04 හෙවත් 14 වැනි සිකුරාදා දින පූර්වභාග 02.04 සිට පූර්වභාග 08.28
දක්‌වා පහත දැක්‌වෙන අයුරු වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී අවුරුදු චාරිත්‍ර විධි ඉටුකිරීම ද මැනවි.

ආහාර පිසීම :-

අප්‍රේල් මස 14 වැනි සිකුරාදා පූර්ව භාග 05.41 ට රන්වන් පැහැති වස්‌ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා ළිප් බැඳ ගිනි මොලවා ගිතෙල් හා හකුරු මිශ්‍ර කිරිබතක්‌ ද, අග්ගලා සහ කැවිලි වර්ගයක්‌ ද පිළියෙල කරගැනීම මැනවි.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය :-

අප්‍රේල් මස 14 වැනි සිකුරාදා පූර්ව භාග 07.05 ට සුදු සහ නිල් පැහැති වස්‌ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය මැනවි.

හිසතෙල් ගෑම :-

අප්‍රේල් මස 15 වැනි සෙනසුරාදා දින පූර්ව භාග 11.04 ට උතුරු දිශාව බලා හිසට නුග පත් ද, පයට කරඳ පත් ද තබා නිල් පැහැති වස්‌ත්‍රාභරණයෙන් සැරසී නුග පත් යුෂ මිශ්‍ර නානු ද ගා ස්‌නානය කිරීම මැනවි.

රැකී රක්‌ෂා සඳහා පිටත්ව යැම :-


අප්‍රේල් මස 17 වැනි සඳුදා සුදු පැහැති වස්‌ත්‍රාභරණයෙන් සැරසී දී කිරි හා ගිතෙල් මිශ්‍ර කිරිබතක්‌ හා කැවිලි වර්ගයක්‌ අනුභව කර පූර්ව භාග 06.28 ට උතුරු දිශාව බලා රැකිරක්‌ෂා සඳහා පිටත්ව යැම මැනවි.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "සුභ මොහොතින් වැඩ අරඹන්න "අවුරුදු නැතැත් සීට්ටුව" මෙන්න"

    Post a Comment