14 April, 2017

අවුරුදු සමයේ අනතුරුවලින් ගැලවිය හැකි ආකාර මෙන්න

Fireworks

අවුරුදු සමය අනතුරු වැඩි වශයෙන් සිදුවන කාලයක්.

මේ අවුරුදු සමයේදී ප්‍රධානම අනතුරු සිදුවන ආකාර සහ වළක්වා ගැනීම සඳහා ගත හැකි පියවර සම්බන්ධයෙන් පහතින් කියවිය හැකියි.

ගිණි කෙළි අනතුරු

1- දැල්වීමේදී බිම තබා ගිණි දල්වන්න.
2-නියම ප්‍රමිතියට අනුව නිපදවූ ඒවා පමණක් දල්වන්න
3- විශාල ජනතාවක් සිටින ස්ථාන සහ අනතුරුදායක ස්ථානවල දැල්වීමෙන් වළකින්න (ඉන්ධන පිරවුම්හල් අසල මෙන්ම මාර්ග අසල )
4-කුඩා දරුවන් මේවා දැල්වීමෙන් වළකින්න
5-කිරි ඉතිරවීමෙන් පසුව ඉතිරිවන ගිණියම්වූ කොටස් මගින් දරුවන්ට විය හැකි අනතුරු පිළිබඳව සැලකිලිමත්වන්න
6- උන වෙඩි දැල්වීමේදී ලංවී පිඹිමේදී රත්වූ බටය පිපිරෙන නිසා වෙනත් ක්‍රමයක් භාවිතා කරන්න

හදිසි මාර්ග අනතුරු

1- මත්පැන් පානය කර වාහන ධාවනය කිරීම කිසිසේත්ම නොකරන්න
2-මාර්ග නීතියට පටහැනිව වාහන ධාවනය නොකරන්න
3-අධික වේගයෙන් රිය ධාවනය නොකරන්න
5- ආරක්ෂක හිස් වැසුම් නොමැතිව යතුරු පැදි ධාවනයෙන් වළකින්න
6-වාහනයේ ඉදිරිපස ආසනවල දරුවන් රැගෙන නොයායුතු අතර හැකිනම් දරුවන් රැගෙන යාම සඳහා ගැලපෙන ආසන පිටුපස සවි කරන්න

දිය නෑමේදී ප්‍රවේශම්වන්න


1- නෑමටසුදුසු ස්ථානවල පමණක් දිය නාන්න
2-මත්පැන් පානය කර දිය නෑමෙන් වළකින්න
3-හෝටල්වල පිහිණුම් තටාකාංගනවල දී හෝ දරුවන් දිය නාන විට දෙමාපියන් සැළකිල්ලෙන් සිටිය යුතුයි

බෙහෙත් පානය

1- අලුත් අවුරුදු දිනයේ බෙහෙත් පානය කල හොත් සෑමදිනම බෙහෙත් බීමට සිදුවන බව ඇතැමුන් සිතුවද දීර්ඝ කාලීන රෝගී තත්ත්වය නිසා බෙහෙත් බොන පුද්ගලයන් වෛද්‍ය උපදෙස් නොමැතිව බෙහෙත් නොබී සිටීමෙන් වළකින්න.එමෙන්ම නියමිත මාත්‍රාවට අනුව බෙහෙත් ලබා ගැනීමටද සැළකිලිමත් වන්න.

අනතුරුදායක ක්‍රීඩා

1-අනතුරුදායක ක්‍රීඩා අවුරුදු උත්සවවලින් ඉවත් කළ යුතුයි

අනවශ්‍ය ගැටුම්

1- අවුරුදු සමයේ මත්පැන් බී පැරණි අමනාප යළි සිහිපත්කරමින් ගැටුම් ඇති කර නොගන්න

අවුරුදු සමයේ අනතුරු සිදු වුව හොත් සිදු කල යුතු දේ

1-අනතුරක් සිදුවුව හොත් ළඟම ඇති පහසුකම් සහිත රජයේ රෝහලකට යන්න (අවුරුදු සමයේ ද ඔබේ සේවය වෙනුවෙන් ඔවුන් කැපවී සිටී )
2- විශේෂ පුහුණුව ලත් කණ්ඩායමක හෝ ගිලන් රථ සේවයක සහාය ලබා ගන්න

Thushara Vidanapathirana DR

(උපදෙස් -වෛද්‍ය තුෂාර විදානපතිරණ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර පිළිබඳ ජෙයෂ්ඨ වෛද්‍ය ලේඛකාධිකාරී හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ශික්ෂණ රෝහල කරාපිටිය)

(nethgossip)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "අවුරුදු සමයේ අනතුරුවලින් ගැලවිය හැකි ආකාර මෙන්න"

    Post a Comment