එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අමෙරිකානු නියෝජිත නිකී හේලි මේ බව පවසා ඇත්තේ ඒ.පී පුවත් සේවය මගින් කරන ලද විමර්ශනයකින් හෙළිදරව් කෙරුණු ශ්‍රී ලංකා සාම සාධක හමුදා, හයිටියේදී ළමා අපචාර හා ලිංගික හිරිහැර සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.
කෙසේ වෙතත් එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවන් විසින් හයිටියේ කරනු ලැබූ මැදිහත්වීම් එළඹෙන ඔක්තෝම්බර් මස සිට අත්හිටුවීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය තීරණය කර ඇති අතර එකී යෝජනාව ඒකමතිකව සම්මත වූ බැව් විදෙස් පුවත් වාර්තා උපුටා දක්වයි.
මේ සම්බන්ධයෙන් චෝදනා
එල්ලවන කිසිදු රටකට තම සොල්දාදුවන් සම්බන්ධයෙන් වගවූයේ නැතිනම් ඔවුන් යළි සිය රටවලට යවා ගෙවීම් නතර කිරීමට පියවර ගත යුතු බව නිකී හේලි පෙන්වාදෙයි.
සාම සාධක හමුදාවන් විසින් සත්‍යවශයෙන්ම හයිටියේ පීඩාවට පත් දරුවන් ආරක්ෂා කළාද යන්න ප්‍රශ්නයක් පැන නඟින බවත්, හමුදාවන් හයිටි වලින් ඉවත්වීම සාර්ථකත්වයක් ලෙස දකින නමුත් හයිටි වල ජනයාගෙන් බොහෝ දෙනෙකුට මෙය නරක හීනයක අත්දැකීමක් බවත් ඇය අවධාරණය කර තිබේ.
මන්ද යත් සිදුවූ අවාසනාවන්ත තත්ත්වය විසින් ඇති කළ කැළැල් ඔවුනට අමතක කර දැමීමට අපහසු බැව් ඇය පෙන්වාදෙයි.
2004-2007 කාලයේදී එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා නියෝජනය කරමින් ශ්‍රී ලාංකික හමුදා සාමාජිකයින් 134 දෙනෙකු හයිටියේ සේවයට ගොස් ඇති බවත්, හයිටි කුඩා දරුවන් නව දෙනෙකු ඔවුන්ගේ ලිංගික ගොදුරු බවට පත්ව ඇති බව සඳහන්ය.
එහෙත් එක්සත් ජාතීන්ගේ මෙහෙවර අනුදත් රටක් ලෙස ශ්‍රී ලංකාව මෙලෙස චෝදනා ලැබූ කිසිදු සොල්දාදුවෙකුට එරෙහිව හෝ නීතිමය ක්‍රියා මාර්ග ගෙන නොමැති බව ඇය වැඩිදුරටත් පෙන්වාදී තිබේ.

Share this
|
|
0 Comment to "හයිටියේ ලිංගික ගොදුරු සෙවූ සොල්දාදුවන් යැවූ රටවල් වගවිය යුතුයි"
Post a Comment