15 July, 2016

ප්‍රංශ ප්‍රහාරයේ ලොරි රථය නවතන්න හදපු කෙනෙක් ගැන ලොකු කතාවක්

84 දෙනෙකුට ජිවිත අහිමිකළ ප්‍රංශ ප්‍රහාරය ගැන විස්තර අපි ඔබට කිව්වනේ.

මේ කියන්න යන්නෙ ඒ ප්‍රහාරය වෙලාවේ තමන්ගේ ජිවිතේ පරදුවට තියල අනිත් අය මරණය කරා යන ගමන වලක්වන්න හදපු කෙනෙක් ගැන කතාවක්.

ත්‍රස්තවාදියා ලොරි රථයක නැගිලා, රැස්ව සිටි පිරිසට වෙඩි තබමින් ඔවුන් ව යට කරන අවස්ථාවේදී, මෝටර් බයිසිකලයක නැගුනු කෙනෙක් මේ ලොරි රථය නවත්වන්න හදලා.

අන්තිමට මේ මෝටර් බයිසිකලය ලොරි රථයේ වදිනවා.

මේ බයිසිකලයේ ආපු පුද්ගලයා බරපතල තුවාල ලැබුවා කියල සමහර මාධ්‍ය කියද්දී තවත් මාධ්‍ය කිව්වේ මේ පුද්ගලයට ජිවිතේ අහිමි වුණා කියලයි.

කොහොම වුනත් මේ පුද්ගලයා තමන්ගේ ජිවිතේ ගැන පොඩ්ඩක්වත් නොහිතා මේ කරපු වැඩේ හුගක් අගය කරන්න ඕන. 



Talking About Man Tried To Stop Lorry On French Attack

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ප්‍රංශ ප්‍රහාරයේ ලොරි රථය නවතන්න හදපු කෙනෙක් ගැන ලොකු කතාවක්"

    Post a Comment