17 January, 2017

තමාට ඒඩ්ස් බෝ කළ පෙම්වතාව නීතිය හමුවට ගෙන ගිය ගැහැනියක්

aids-court

තම කුඩා දරු සිව්දෙනා නින්දට දැමූ ලීසා ඔවුනට උණුසුම් හාදුව බැගින් දී කාමරයේ දොර සමෛන් වසා පිටවූයේ සැනසුම් සුසුමක් හෙළමිනි.

“යාන්තම් ඇති..... දැන් ඉතින් ..... ‍පොඩි විවේකයක් ගන්න පුළුවනි” එසේ සිතමින් ඕ සෝපාවේ දිගාවී ජංගම දුරකථනය වෙත අත දිගු කළේ බලා‍පොරොත්තු වලින් සිත පුරවා ගෙනය.

පළමු විවාහයෙන් දික්කසාද වූ සිව්දරු මවක වුවද ලීසා තවමත් සුන්දර රුවැත්තියක වූවාය. ඇගේ හදවත කාන්තියෙන් වෙලී තිබුණෙන් ඇගේ අභිලාෂය වූයේ පෙම්වතෙකු සොයා ගැනීමය. එහෙයින් වබේ අඩවි සිසාරා ගිය ඇයට අවසානයේදී අවිවාහකයන්ට සහකරුවන් සොයා ගත හැකි වබේ අඩවියක් දක්නට ලැබුණි. ඕ එය සිසාරා යමින් ගැළපෙන සහකරුවකු සොයන්නට පටන් ගත්තාය. ඒ මින් දින කිහිපයකට පෙරය.

“කාගෙ හරි ආදරය, උණුසුම මට ඕනෙ වුණා. ඒ හින්දා ඩේටින් වබේ සයිට් එකක මගේ තොරතුරු පළ කර පැය කිහිපයක් ගත වෙන්නත් කලින් කඩවසම් තරුණයෙකුගෙන් ඇරයුම් ලැබි තිබුණි.” ලීසා කීවේ හදපිරි සතුටිනි.

ජංගම දුරකථනය වෙත කඩවසම් ‘සිම්බා’ විසින් එවා තිබූ පණිවුඩය කියවූ ලීසාගේ සිත උණුසුම් වන්නට විය. “I Love you Lisa” ... යන්නට ප්‍රතිචාර ලෙසින් කිසි දිනෙක නුදුටු සිම්බා වෙත “මමත් ඔබට ආදරෙයි“ යැයි පෙරළා පිළිතුරු දුන්නේ පමාවීම නුවණට හුරු නැතැයි සිතනු බැවිනි.

ඒ රාත්‍රියේ ඉතිරි පැය කිහිපය හමාර වන විට ‘කෙටි පණිවුඩ’ ඔස්සේ උනුන්ගේ තොරතුරු හුවමාරු කරගත් ඔවුහු අවසානයේදී ‘පෙම්වතුන්’ බවට පත්ව සිටියහ.

“ඊට හරියටම සතියකට පස්සෙ සිකුරාදා රෑ සිම්බා මගේ දොරේ සීනුව නාද කරද්දී මම ඔහුව පිළිගන්න ගියේ ඔහුව දැකගන්න ඉස්පාසුවක් නැතිව.”

ඒ රාත්‍රියේ “සිම්බා කූනා” සමග වයින් තොලගාමින් මා බොහෝ දේ කතා කළා .... ඒ වන විටත් මගේ දරුවන් නිදි සුව විඳිමින් සිටි බැවින් සාලයේ සෝපාව මත සිම්බාගේ සිරුරේ සුවය විඳගන්න කිසිම බාධාවක් තිබුණේ නැහැ”

ජීවිතයේ ප්‍රථම වරට හමුවූ මෙම නන්නාඳුනන තරුණයා හා ආදරයෙන් බැදෙනු පමණක් නොව ඔහුගේ මනදොළ සපුරා ලන්නට තරම් ලීසා ඔහුට වශී වී සිටියාය.

“ඒ රාත්‍රියෙන් පසු අපි නිතර මුණගැසුණා. මාසයක් දෙකක් ගතවෙද්දී .... මා ගැබ්ගෙන ඇති බැව් දැනගත් විට සිම්බාට ඒ පණිවුඩය දෙන තෙක් මා සිටියේ දැඩි නොඉවසිල්ලෙන්.

ඒත් “ඔයා තාත්තා කෙනෙක් වෙන්න යන්නේ” .... මා ඔහුව වැළඳගෙන පවසද්දී ඔහුගේ මුහුණට ආරූඪ වූයේ පුදුමයට පත්වූ බැව් හගවන පෙනුමක්.

එහෙත් ‘අසතුට’ වසා ගනිමින් දරු උපත වෙනුවෙන් සූදානම් වන ලීසාට උපකාරි වූ සිම්බා වෛද්‍ය නියමය පරිදි “ස්කෑන් පරීක්ෂණය’ සිදුකරන මොහොතේදී ද ලීසා අසලින්ම සිටියේය. එය ඇයට ධෛර්යයක් විය.
“සෑම දෙයක්ම හොඳයි. ඔබට ලැබෙන්න යන්නේ පුතෙක්” වෛද්‍යවරයා පවසද්දී සිම්බා අපහසුවෙන් සිනහ වන්නට උත්සාහ කරන හැටි ලීසා ගේ තියුණු ඇසට හසුවිය. එහෙත් ඒ වග නොවිමසා සිටින්නට ඕ වගබලා ගත්තාය.

මේ අතර සිම්බා තමන්ට කාර්යාලයේ වැඩ අධික බව පවසමින් ගෙදරට යාම ඊමද අඩු කළ අතර ලීසා දරු ප්‍රසූතිය සඳහා රෝහල් ගත වන බැව් පැවසූ විට “දරුවා ලැබුනනම් එන්නම්. මම ‍ලේ දකින්න අකමැතියි“ පවසමින් එය මගහැර සිටියේය. 
 
“හැමදේම මේ විදිහට වෙද්දි මගේ දරුවා මේ ලෝකය දකිනකම් මම සිටියෙ ඉවසුමක් නැතිව. ඒත් සියල්ල වෙනස් වුණේ තත්පර ගණනකින්” ලීසා කඳුළු සලන්නට වූවාය. සිසේරියන් සැත්කමකින් මෙළොවට ආ දරුවා හුස්ම ගැනීමේ අපහසුව හේතුවෙන් විශේෂ කාමරයක් වෙත යවා තිබූ අතර දරුවාගේ තත්ත්වය අසාධ්‍ය බැව් දැනගත් සිම්බා රෝහල වෙත පැමිණ තිබුණේ ලීසා කඳුළු වගුරවමින් තම දරුවාගේ ජීවිතය රැක දෙන ලෙස වෛද්‍යවරුන්ට පින්සෙන්ඩු වුවද ජීවිත ආධාරකයෙන් හුස්ම ගත් කුඩා ‘කායි’ දින කිහිපයකට පසු සඳහටම දෙනෙත් පියා ගත්තේ ලීසා මෙන්ම සිම්බාගේද හදවත සසල කරවමිනි.

“කායි” ගේ මරණයෙන් පසු දින සිම්බා තමන්ට අයත් දෑ රැගෙන මගේ නිවසෙන් පිටවී ගොස් තිබුණා. අවසානයේදී දරුවාගේ අවමඟුලට සහභාගි වී පිටවී ගියේ හරියට අමුත්තෙක් විදිහටයි. කීප වරක් දුරකථන ඇමතුම් දෙන්න උත්සහ කළත් එය සාර්ථක වූයේ නැහැ” තවදුරටත් සිම්බා ගැන සිතමින් දුක්වීම ප්‍රතිඵල රහිත බැව් දැනගත් ලීසා සිත හදාගෙන අනාගතයට මුහුණ දෙන්නට සිතුවාය. එහෙත් දිනක් නිවස පිරිසිදු කරන අතර මේසය මත සිම්බාගේ අත් අකුරින් දුරකථන අංකයක් සහිතව ‘ඇම්බර්’ යන නම ලියූ කොළ කැබැල්ලක් ලීසාගේ නෙත ගැටුනි. ඒ මොහොතේ සිට ලීසාගේ සිත කැළඹෙන්නට විය.

‘ඇම්බර්’ කියන නම ඔහු කිහිප විටක්ම කියා තිබූ නිසා කෝකටත් කියා ‘ෆේස් බුක්’ හරහා ඇම්බර් සොයා ගිය ලීසා සිම්බා ගැන මට ඔබ සමග කතා කළ යුතුයි“ කියා ඇයට පණිවුඩයක් තැබුවාය. ලීසා බලා‍පොරොත්තු වූ පරිදිම වැඩි වේලාවක් යන්නට පෙර ඇම්බර්ගෙන් පිළිතුරු පණිවුඩය ලැබිණි.

“සිම්බා එච්.අයි.වී. ආසාදිතයෙක් බව ඔබ දන්නවා ඇති නේද? .... ඇම්බර්ගෙන් ලද පිළිතුර ලීසාගේ ඉහ මොළ රත්කරන්නක් විය. අවසානයේදී තම මවට කරුණු පැවසූ ලීසා “කොයි දේටත්” යැයිසිතා ‍ලේ පරීක්ෂණයකට ලක්වූවාය.

ඉන් හරියටම දෙදිනකට පසු ලීසාට දුරකථන ඇමතුමක් ලැබුණි. ඒ “අසුබ පණිවුඩයක්” බැව් හැගුණේ වහා තමන් හමුවන ලෙස වෛද්‍යවරයා පැවසූ බැවිනි.

“ලීසා ඔබ එච්.අයි.වී. ආසාදිතයෙක්” මා ඉදිරියේ සිටි වෛද්‍යවරයා පවසද්දී මට ලෝකයම දෙවනත් කරමින් හඬා වැටුනේ මගේ අසරණ දරු පැටව් ගැන සිහි කරමින්. එදින රාත්‍රියේ මා සිම්බාගේ දුරකථනය හැඬවූයේ රිදුම් දෙන හදවතින්.

“උඹ මට ඒඩ්ස් බෝ කෙරුවා” මා කෝපයෙන් දැවෙන වචනවලින් ලීසා දමා ගසද්දී ඔහු එය ප්‍රතික්ෂේප කළේය. කිසිවක් නොදන්නා අත දරුවෙක් මෙන් තමා ඒඩ්ස් රෝගියෙකු බව දැන දැනම සිම්බා තමාවද එම රෝගයට ගොදුරු කිරීම තුළින් කළ අපරාධයට දඬුවම් දෙන්නට සිතූ ලීසා අවසානයේදී භීතිය හමුවට සිම්බාව ගෙනයෑමට සමත් වූවාය. ඒ අනුව නීතිය හමුවේ වරදකරුවෙකු වූ සිම්බාව මාස 28කට බන්ධනාගාර ගත කරනු ලැබිණි.

“එච් අයි වී වෛරසය ශරීරගත වී තිබුණත් හරියට ප්‍රතිකාර ගත්තොත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගෙවන්න පුළුවන්. ඒත් නොදන්නා පුද්ගලයෙකුට සමීප වෙන්න කළින් හැඟීම් වලට වහල් නොවී දෙපාරක් හිතුවා නම් .... අද මම අර සැහැල්ලුවෙන් හිටපු ලීසාම තමයි” ඇය පවසන්නීය.

ගිය නුවණ ඇතුන් ලවා වත් ඇද්දවිය නොහැකි බැවින් ඒ ගැන සිතීම පසෙක තිබියදී තම දිනපතා ප්‍රතිකාර නිසි ලෙස ගැනීමට සිතන ඕ අලුත් බලා‍පොරොත්තුවක් සිත දල්වාගෙන සිටින්නීය.

“මට ගැළපෙන සහකරුවෙක් ලැබුනොත් ? ප්‍රතික්ෂේප වීමේ අවදානම තිබුණත් මා එච්.අයි.වී. ආසාදිතයෙකු බව නම් හගවන්නේ නැහැ. මට අවශ්‍ය අවංක වෙන්නයි. නැතුව තවත් ‘සිම්බා’ කෙනෙක් වෙන්න මට ඕනෙ නැහැ’ ලීසා පවසන්නීය.

That’s Life සඟරාව ඇසුරිනි
නිලංකා ජයසූරිය_ලක්බිම

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "තමාට ඒඩ්ස් බෝ කළ පෙම්වතාව නීතිය හමුවට ගෙන ගිය ගැහැනියක්"

    Post a Comment