18 May, 2016

කරදර වැඩිම වෙලාවේ කෝටිපතියන්වූ පුද්ගලයන්ගේ කතාව

- ලොතරැයි මගින් කෝටිපතියන් වූවන්ගේ රසවත් අත්දැකීම්

අතුරුගිරිය ප්‍රදේශයෙහි ඇති රජයේ සංස්ථාවක ගණකාධිකාරීවරයකු වූ ඔහුට තමන්ටම අයත් වාහනයක් තිබුණද ඔහු බොහෝ විට ගමන් යාම සිදු කළේ බස් රථයෙනි.

එය, පසුම්බියට මෙන්ම ශරීර සෞඛ්‍යයටද හොඳ යැයි සිතුනෙනේ ඔහු රැකියාවට යාම ඒම සිදු කළේද බස් රථයෙනි.

සේවා ස්ථානයට කලාතුරකින් දවසක තම පෞද්ගලික රථයෙන් ගමන් කළ ඔහුට ගමන් යාම සඳහා බස් රථය තෝරා ගැන්මට තුඩු දුන් තවත් හේතුවක් තිබිණි.

ඒ වාහනයකට ගොඩ වූ වේ‍ලේ සිට නිදා ගැනීමට ඔහු තුළ තිබූ පුරුද්දයි.

බසයට නැගී වැඩි වේලාවක් යන්නටත් ප්‍රථම ‘දවල් හීන දකිමින් නිදි කිරා වැටෙන ඔහුට මෙම නින්ද හේතුවෙන් මුහුණ පෑමට සිදු වූ අකරතැබ්බයන්ද බොහෝ විය.

නින්ද හේතුවෙන් බසයෙන් බැසිය යුතු තැනින් නොබැස බසය ගමනාන්තය කරා ළගා වූ පසු ර්‍ණහා දැන් බහින්න” යැයි කොන්දොස්තර නගන හඬින් තිගැස්සී ඇහැරෙන ඔහු දනි පනි ගා අසුනෙන් නැගිට බසයෙන් බැස ගන්නේ වරක් දෙවරක් නොවේ.

වැරදි තැනින් බසින්නට සිදු වූ සෑම දිනකම පාහේ ඔහු සිදුකළ අපූරු පුරුද්දක් විය.

ඒ කාර්යාලයට යාම පසෙක තිබියදී ළඟම ඇති ‘ලොතරැයි කූඩුවක් වෙත ගොස් ලොතරැයි පත් කිහිපයක් මිලදී ගැනීමය.

එලෙස මිලදී ගෙන කළිසම් සාක්කු පතුළෙහි රුවාලූ ඇතැම් ලොතරැයි පත් සඳහා දිනුම් ඇත්දැයි බැලීම ඔහුට අමතක වූ අවස්ථාද බොහෝය.

ඇතැම් විට ඒවා කලිසම් සාක්කු පතු‍ලේ සැ`ගවී තිබි වියැකී ගිය අවස්ථාවන්ද විය.

'දවසක් හොඳටම නින්ද ගිහින් ඉඳල ඇහැරලා බලද්දී හැමෝම බැහැල ගිහින් මුළු බස් එකටම හිටියෙ මම විතරයි.

ඉක්මනට බස් එකෙන් බැහැල යන ගමන් පාර අයිනෙ තිබුණු ලොතරැයි කූඩුවෙන් ලොතරැයියක් ගත්තෙත් පුරුද්දට වගෙයි.'

බසයේ නින්ද යාම හේතුවෙන් කිහිප වරක්ම‘ අලකලංචිවලට මුහුණ පෑමට සිදු වුවද එවර නම් ඔහුට නින්ද වෙස් වළාගත් ආශිර්වාදයක් බඳු විය.

ඒ අන් කිසිවක් නිසා නොව ඒ දින මිලදී ගත් ටිකට් පතෙහි සැ`ගවී ආ වාසනාව විසින් එම ගණකාධිකාරීවරයාට කෝටි තුනක ධන සම්භාරයක් හිමි කර දුන් බැවිනි.

ලොතරැයි දිනුම් ඇදීමකින් පළමු ත්‍යාගයේ හිමිකරුවන් වූ පිළිමතලාව ප්‍රදේශයෙහි පදිංචි අඹු සැමි යුවලක් දිනක් තම කුඩා පුතුද සමගින් බස් නැවතුම් වෙත පැමිණියේ මහ ගෙදර ගොස් ඒමට සිතූ බැවිනි.

කට කපන්නට සෙන`ග පිරුණු බස් රථය ඈත තියා දුටු පමණින් ‘බස් එකේ යන්න බැහැ අපි කාරෙකක යමු” යැයි කුඩා පුතු කං කෙඳිරි ගාන්නට පටන් ගත් අතර දනි පනි ගා සෙන`ග අතරින් බසයට නැගුණු මවට හිඳ ගැනීමට අසුනක් ද ලැබිණි.

එහෙත් ගිනි මද්දහනේ දහඩිය වගුරුවමින් තෙරපෙන සෙන`ගත් බසයේ සවිකළ කැසට් යන්ත්‍රයෙන් නැගෙන ඝෝෂාවත් නොඉවසූ දරුවාගේ කන්කෙඳිරි ගෑම මේ වන විට හැඬීමක් බවට පත්ව තිබුණි.

මුළු බසයේම සිටි මගීන්ගේ අවධානය හ`ඩන දරුවා දෙසට යොමු වූයේ සැනෙකිනි.

zඔන්න ඔහේ මේකෙන් බැහැල අපි ත්‍රීවීල් එකක හරි යමු”Z යි පැවැසූ පියා ඊළඟ නැවතුමේදී බසයෙන් බැස ගත්තේ අන් කළ හැකි කිසිවක් නොවූ බැවිනි.

ඉන් පසු සිදු වූ දෙය ඔහුගේ වදනින් මෙසේය.

zත්‍රීවීල් එකක් කතා කරගෙන එන්නම් කියල ඉස්සරහට යද්දි ලොතරැයි වෙළෙන්දෙක් මා දිහාවට එනව දැක්කා අද ලොතරැයියක් ගන්නම ඕන කියල මගේ හිත කියපු හන්දා ලොතරැයයිකට මුදල් ගෙවන්න පර්ස් එක අදිනකොට තමයි කලිින් ගත්ත ලොතරැයියක් පර්ස් එකේ තිබිල හම්බ වුණේ.Z

දෙන දෙයියෝ දෙන විට දෙන්නේ ටොකු ඇන ඇන යයි කියන්නේ කට කහනවාටම නොවන බැව් ඔහුට වැටහී ගියේ මතෙක් පසුම්බියේ තුනට හතරට නවා දුර්වර්ණ වී තිබු ලොතරැයියට දිනුමක් ඇදී තිඛෙනු දුටු විටදීය.

ඒ සුළු පටු දිණුමක් නොවේ. ලොතරැයි දිනුුමට හිමි වී තිබුණේ අලුත්ම කාරයකි. අරුමය එය නොවේ.

කට කපන්නට සෙන`ග පිරුණු බසයෙන් බැස, දරුවා කාරයක් ඉල්ලා හඬද්දී ගමනේ ඉතිරි අඩ යන්නට ගිනි ගහන අව්වේ ත්‍රි රෝද රථයක් සොයමින් ඇවිද ගොස් තිබුණේ අලුත්ම කාර් රථය” දහඩියට පෙ`ගී ‍පොතු ගැලවුණු සම් පසුම්බියෙහි බහා කළිසම් සාක්කුවෙහි තිබියදී වීමය.

දෛවය පුදුමාකාර වූවකි. විටෙක දෛවය විසින් සරදමට ලක් කරනු ලැබූවෙකුට ඊළ`ග මොහොතේදී වාසනාව උදාකර දෙන්නේත් දෛවය විසින්මය.

ඔහු ‍පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අසනීපව රෝහල් ගත කර සිටි තම පියා බැලීමට රෝහලට යන විට පියා මෙලොව හැර ගොස් තිබුණි.

ශෝකයට පත් මෙම තරුණයා පියාගේ මෘත දේහය මල් ශාලාව වෙත යැවීමට සැලසුම් කොට මෘත දේහය රැගත් රථය පසුපසින් තමා පැමිණි රථය පදවාගෙන යන්නට විය.

මියගිය ශෝකය දැඩිව දැනුනද අතරමගදී හමු වූ ලොතරැයි කූඩුවකින් ලොතරැයි තුනක් මිලදී ගැනීමටද අමතක කළේ නැත.

කෙසේ හෝ පියාගේ අවම`ගුල් කටයුතු නිම වූ පසු හත් දවසේ දානය වන තෙක් පවු‍ලේ කිසිවෙකුට ඉස්පාසුවක් නොතිබිණි.

දානයෙන් අනතුරුව නිවස අස්පස් කරද්දී ඇඳුම් වැටෙහි එල්ලා තිබූ කළිසම සේදීමට සිතා නිකමට මෙන් කළිසම් සාක්කුව පරීක්ෂා කර බලද්දී දහඩියට පෙ`ගී කලිසම් සාක්කුව පතුලෙහි ගුලිව තිබූ ලොතරැයි පත අත ගැටුනෙන් එය රැගෙන පරීක්ෂා කර බලද්දී දක්නට ලැබූ දෙයින් විනාඩි ගණනක් තුළදී තම ඉරණම සම්පූර්ණයෙන්ම විසඳුණු බැව් ඔහුට වැටහිනි.

ඒ අන් කිසිවක් නිසා නොව ලොතරැයි ඉතිහාසයේ දැවැන්ත දිනුමක් උදා කළ රුපියල් කෝටි ගණනක ජයග්‍රහණයෙහි හිමිකරු බවට ඒ වන විටත් ඔහු පත්ව සිටි බැවිනි.

තම දියණියගේ දහ අට වන උපන් දිනයට කාරයක් දීමට ‍පොරොන්දු වූ පියෙකු ඇගේ දහ අටවන උපන් දිනය දා කවරයක බහලූ යමක් ඇයට පිරිනමා සුබ පැතූයේ කවරයෙහි ඇති ත්‍යාගය ඊළඟ මාසයෙහි අටවන දින තෙක් විවෘත නොකරන ලෙස ඉල්ලීමක් ද කරමිනි.

කවරය විවෘත කර බැලීමට කුතුහළයක් දියණියට ඇති වුවද පියාට වූ ‍පොරොන්දුව හේතුවෙන් ඉවසා සිටීමට ඇයට සිදු වුණි.

හරියටම පැවැසූ දින නොඉවසිල්ලෙන් යුතුව ලියුම් කවරය විවෘත කර බලද්දී දියණියට දක්නට ලැබුණේ එදින දිනුම් ඇදීමට නියමිත ලොතරැයි පතකි.

පුදුමය නම් දහඅටවන උපන් දිනයට පියාගෙන් ලද ත්‍යාගය ලොතරැයි පතක්වීම නොවේ.

එම ලොතරැයියට දිනුමක් හිමි වීම හා ඊට හිමි ත්‍යාගය පියා දහ අටවන උපන් දිනයට ‍පොරොන්දු වූ අන්දමේ නවීන මාදිලිියේ වටිනා මෝටර් රථයක් වීමය.

මහනුවර නගරයට යන්නට සිතා බස් නැවතුම වෙත පැමිණ බසයක් එනතුරු බලා සිටි පුද්ගලයෙකුට වරක් නොසිතූ අන්දමේ අකරතැබ්බයකට මුහුණ පෑමට සිදුව තිබිණි.

ඒ පාර දිගේ කුලප්පු වී දුවයන ගොනෙකු බස් නැවතුම දෙසට දිව ඒමෙන් බසයක් එනතුරු බලා සිටියවුන් සීසී කඩ දුවයද්දී කුලප්පු වූ ගොනාගේ පහර දීමට ලක්වූ මෙම පුද්ගලයා පණ එපා කියමින් දුවගිය අතර ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නාක් මෙන් ගොනාගේ පහර දීමට ලක්වූ මොහු බිම ඇද වැටුණේ ඉදිරියට ආ ලොතරැයි අලෙවි කරුවෙකුගේ බයිසිකලයෙහි තිබූ ලොතරැයි පත් රැඳ වූ ලෑල්ලද පෙරළාගෙනය.

තම අතින් ලොතරැයි වෙළෙන්දාට සිදු වූ අපහසුතාවයට වන්දි ගෙවන්නට සිතා දෝ ලොතරැයිපත් තුනක්ම මිලදී ගෙන ඔහු වහා එතැනින් පිටව ගොස් තිබූ අතර එම ටිකට් පත් තුනෙන් එකකට එවර ලොතරැයි දිනුමේ පළමු ත්‍යාගය හිමිව තිබුණේ එම සිද්ධිය ඇසූවන් පුදුමයට පත් කරවමිනි.

ඇතැමුන් ජීවිතය පිළිබඳ බොහෝ සිහින මවති. එහෙත් සිහින මැවු පමණින් ඒ සැබෑ කර ගැනීමට නොහැක.

සිහින දකින්නට මෙන්ම, ඒ සිහින අත්පත් කරගැන්ම ද වැදගත්ය.

මේසන් බාස් කෙනකු ලෙස කුලී වැඩ කරමින් එදිනෙදා යැපීමට මුදලක් උපයා ගත් පුද්ගලයෙකු, කොතරම් අඩුපාඩු තිබුණත් දිනකට ලොතරැයි පත් පහක් මිලදී ගැනීමට පුරුදුව සිටියේය.

ඒ දිනුමක් ලැබුණහොත්‘ හිසට සෙවණක්’ ලබා ගැන්මේ අපේක්ෂාවෙනි.

zඉස්කෝලෙ ඇරිල ගෙදර එන පුතාත් හැමදාම හවසට බයිසිකළේ නැගල ටවුමට ගියෙ ලොතරැයියක් අරගෙන එන්න. තාත්තා වගේම පුතාගෙ හීනෙ වුණෙත් දිනුමක් ලැබුණොත් ගෙයක් හදාගන්න එකයි.Z

කවදා හෝ ලොතරැයි දිනුමකින් තමන්ටම, කියා කුඩා අලංකාර නිවසක් තනාගැනීමට ඒ වන විට පවු‍ලේම සිහිනයක් බවට පත්ව තිබුණි.

එහෙත් වැඩි කලක් ඔවුනට එම සිහිනයෙහි ගැලී සිටීමට අවශ්‍ය නොවුණි.

ඒ අන් කිසිවක් නිසා නොව පියා විසින් මිලදී ගෙන තිබු ලොතරැයියකට ලක්ෂ විස්සක දිනුමක් හිමිව තිබුණෙන්‘ හිසට සෙවණක්’ තනා ගැනීමේ පවු‍ලේ සිහිනය යථාර්ථයක් බවට පත් වූ බැවිනි.

නිලංකා ජයසූරිය - ලක්බිම



Unbelievable lottery wins

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "කරදර වැඩිම වෙලාවේ කෝටිපතියන්වූ පුද්ගලයන්ගේ කතාව"

    Post a Comment