17 January, 2017

බිඳෙන් බිඳ පිරෙන මොරගහකන්දෙන් මතුවන වන සතුන් (Photos)

මොරගහකන්ද ජලාශයට ජලය පිරවීමෙන් පසු ජලාශයට යටවන ප්‍රදේශයේ ජීවත්වූ වන සතුන් මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වනවා.

වනජීවී දෙපාර්තමේන්තුව,ජාතික සත්වඋද්‍යානය, ශ්‍රී ලංකා පොලීසියේ ජීවිතාරක්ෂක අංශය,ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සහ තවත් රාජ්‍ය ආයතන රැසක් මේ සඳහා අඛණ්ඩ මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

වනසතුන්ද මේ වන විට ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දී ඇති බැවින් දරුණු සතුන්ගෙන් සිදුවන හානි වළකා ගැනීමට ජලාශයට නොබසින ලෙස එය නැරඹීමට පැමිණෙන ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ වනවිට ප්‍රදේශයට ආවේණික උරග විශේෂ රැසක් මෙන්ම දඬුලේනුන්, මී මින්නන්,කටුස්සන් හා මී විශේෂ රැසක් මුදාගෙන සුදුසු පරිසරයන්ට මුදා හැර ඇති බවත් තවදුරටත් එම මෙහෙයුම් ක්‍රියාත්මක මොරගහකන්ද ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා නිලධාරි පී. ජී. දයානන්ද පවසනවා.








_නෙත්ගොසිප්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "බිඳෙන් බිඳ පිරෙන මොරගහකන්දෙන් මතුවන වන සතුන් (Photos)"

    Post a Comment