17 January, 2017

ඇල්ප්ස් කඳු යායේදී රිතික් - සුසෑන් හමුවක්

hrithik-suzanne

වෙන්වී ගිය මවුපිය යුවළක් තම දූ දරුවන් එක්ක නිවාඩුවක් ගත කළ පුවතකින් බොලිවුඩ් පුරවැසියන් විතරක් නොවෙයි, මුළු ලොවම පුදුමයට පත්වුණා. නැවත කිසිම දවසක මුණ නොගැසෙන්නට සිතාගෙන නීත්‍යනුකූලව වෙන්වූ මේ යුවළ, රිතික් රෝෂන් සහ සුසෑන් ඛාන්. මේ දෙදෙනාගේ පවුල් ආරවුල්වල වගතුග දැන් සිනමා රසිකයන්ට රහසක් නොවෙයි.

දෙදෙනා දෙපසට වී සිටියත් දරුවන්ගේ සතුට වෙනුවෙන් මුණ ගැසී එකට ගමන් බිමන් යන්නට පැකිළෙන්නේ නැති වග දැන් කාටත් පැහැදිලියි. ඒ බව තහවුරු කරමින් ඔවුන් පසුගිය මස 19 දා ප්‍රංශයේ ඇල්ප්ස් කඳුවැටිය සහ ඒ අවට සිරි නරඹමින් සැහැල්ලුවෙන් ගත කළ බව බොලිවුඩයෙන් අහන්නට ලැබුණා. රිතික් - සුසෑන් දෙපළගේ දරුවන් දෙදෙනාත් සුසෑන්ගේ සොහොයුරන් වන සායෙඩ් ඛාන් සහ ෆාරා ඛාන් ද මේ සංචාරයට එක්වී සිටියා.

ඇල්ප්ස් සංචාරයෙන් පසුව මේ පිරිස පිටත්ව ගියේ ඩුබායි දේශයටයි. මේ සංචාරයේදී ගන්නා ලද ඡායාරූප කිහිපයක්ම අන්තර්ජාලයට එක්කර තිබුණා. එම ඡායාරූපවල රිතික් සහ සුසෑන් එකිනෙකාට සමීපව සෙසු අය සමඟ පෙනී සිටින අන්දම දුටු සමහරු විවිධ කතන්දර පැවසුවා. මේ අය කීවේ රිතික් සහ සුසෑන් යළි එක වහලක් යට පදිංචියට යන දිනය වැඩි ඈතක නොවන බවයි. මේ කතාව වේගයෙන් පැතිරී යද්දී ඊට ප්‍රතිචාර දැක්වූයේ සුසෑන්...

“මම, මගේ රසික ජනතාවගෙන් ඉල්ලන්නේ ඔය වගේ කතා නොකියන්න කියලයි. අපි දෙන්න ආයෙත් කවදාවත් එකතු වෙන්නේ නැහැ. නමුත් මම අපේ දරුවන්ට ආදරණීය මවක් වෙනවා. රිතික්ගෙනුත් ඒ යුතුකම ඉටුවේවි.

” රිතික් සහ සුසෑන් මීට කලිනුත් තම දරුවන් සමඟ ඩුබායිහි සුපිරි අවන්හලකදී රාත්‍රී ආහාර ගත් බවක් ආරංචි වුණා. එය සිදු වූයේ මේ දෙදෙනා වෙන්වී ගිය පසුවයි. මෙවැනි සංචාරවලදී දැකගත හැකි විශේෂත්වයක් වූයේ රිතික් සහ සුසෑන් ඉතාම සැහැල්ලුවෙන්, විනෝදයෙන් ගත කරන ආකාරයයි.

_දිනමිණ

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ඇල්ප්ස් කඳු යායේදී රිතික් - සුසෑන් හමුවක්"

    Post a Comment