01 September, 2016

නඩු ගන්නා පොලිස් නිලධාරියාටත් නඩු වැටෙන අලුත් නීතිය අද සිට

මෝටර් රථ ප්‍ර‍වාහන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛණයන්ට අනුව 2015 වසර අවසන්වනවිට මෙරට ලියාපදිංචි කරන ලද යතුරුපැදි සංඛ්‍යාව 33,81,726කි.

ප්‍ර‍මිති සහතිකය නැති හෙල්මට් පළඳින යතුරුපැදි කරුවන්ට එරෙහිව නීතියක් අද (01) ක්‍රියාත්මක කරන බව පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා පැවසුවද, මෙරට නිෂ්පාදිත තත්ත්වයෙන් උසස්යැයි හෙල්මට් වල පවා SLS ලකුණ දක්නට නැත. 


එවැනි සලකුණක් තිබෙතැයි සිතිය හැකි ලේබල් පවා ටික දිනක් හෙල්මට් භාවිත කරනා විට මැකී යාමේ අවධානමක් පවතී.

යතුරුපැදි කරුවන් බහුලවම භාවිත කරන හෙල්මට් නිපදවන මෙරට ප්‍ර‍ධාන පෙළේ හෙල්මට් නිෂ්පාදන ආයතනයක නවතම හෙල්මට්වල පවා SLS ලකුණ දක්නට ලැබෙන්නේද නැත. 

ශ්‍රී ලංකා ප්‍ර‍මිති ආයතනයේ ආරංචිමාර්ග සඳහන්කළේ මේ වනතෙක් කිසිදු හෙල්මට් නිෂ්පාදකයකු හෙල්මට් සඳහා ප්‍ර‍මිති සහතිකය අයදුම්කර නැති බවය.

ඒ අනුව ගත්කල මෙරට නිපදවූ හෝ ආනයනික හෙල්මටයක් පැළඳ යතුරුපැදියක් පැදීම අද සිට වරදක්වනු ඇත.

කෙසේ වෙතත් මේ අනුව රථවාහන රාජකාරීන්හි යෙදෙන පොලිස් නිලධාරීන් පලඳින හෙල්මට්ද ප්‍ර‍මිති සහතික නොමැති හෙල්මට්වේ.



(නෙත්)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "නඩු ගන්නා පොලිස් නිලධාරියාටත් නඩු වැටෙන අලුත් නීතිය අද සිට"

    Post a Comment