19 September, 2017

‘මම සිද්ධාන්තය’

sick-women

මහලුවිය හා මරණය බඳු ජීවන සත්‍යයන් මුහුණ නොදී ප්‍රතික්ෂේප කිරීමේ අනතුර බරපතළයි. මොකද, දිගුකාලීනව බලන කල මේ තත්ත්වය පුද්ගලයාගේ විඳවීම අඩුවීමට බලපෑමක් කරන්නෙ නැති නමුත් එය විඳවීම වඩාත් උග්‍ර කරන නිසයි.

නමුත් මරණය පිළිබඳ සැබෑ ව නිසි මානසික ආකල්පයක් සමඟ මුසුකර සිහියට නගා ගැනීමෙන් ‍බොහෝ හොඳ සිද්ධවෙනව‍ා. තම මරණය සිද්ධවෙන ‍මොහොතේ පවා මිනිසාට ධෛර්යෙන් හා සන්සුන් මනසින් මරණය පිළිගන්න මේ නිසා පුළුවන්.

‘මම’ එහෙම නැත්නම් ‘තමා’ කියල අප ආමන්ත්‍රණය කරන්න පැහැදිලි (ප්‍රත්‍යක්ෂ) කරගත්තොත්; එහි වෙනස් නොවන හරයක් නෑ. ඇඟ මස සහිත භෞතික ශරීරයට පවතින්න පුළුවන්කම තියෙන්නෙ අවුරුදු සීයකට අඩුවෙන්. අ‍පේ චිත්තවේග කියන්නෙ හැඩතල හා හැඟීම් ප්‍රවාහ ගොන්නට. අපේ මනස කියන්නෙ සිතුවිලි ප්‍රවාහ ගොන්නකට. චර්යාවන් ඔස්සේ අපේ චරිතය අවුරුදු පතා වෙනස් වන නිසා ‘මම’ ඇතුළෙත් ස්ථිර පවතින දෙයක් නැහැ. ඒ උනත් හැම මිනිස් පෞරුෂයක්ම හොයන්නෙ නිදහස් - ස්වාධීන, සදාතනික පැවැත්මක් . මේ වැරදි විශ්වාස පද්ධතිය විසින් තමන්ගේ දුක්ගැනවිලිවලට මූල හේතුව සෙවීම හඳුන්වමින් සිටින්නෙ ‘මහා මිථ්‍යාව’ කියල.

එදිනෙදා ජීවිතයේ පහසුව පිණිස මිනිසා උගුරට හොරා බෙහෙත් බොන්න උත්සාහ ගන්නවද? අපි දැනුත් කතා කරන්නෙ ඉර බැහීමක් හා නැඟීමක් ගැන‍නෙ. ඒත් අපි හැමෝම දන්නව ලෝකය කැරකෙන බව. අවාසනාවක මහත! අපි තාමත් ලද බොළඳයි. අහිංසකයි. ඉක්මණින් රැවටෙන සුළුයි. පැහැදෙන සුළුයි. පෙලඹෙන සුළුයි.... විශේෂයෙන්ම ‘මම’ නැමති පුද්ගලයා සෙවීමේදී.

මෙම සිද්ධාන්තය I theory පරම ඒකාන්ත සම්පූර්ණ සත්‍යය විදිහට අල්ලා ගත්තාම ‍මොකද වෙන්නෙ? අස්ථිරත්වය ඇතුළේ ස්ථිර සතුටක් ‍හොයන්න පෙලඹෙනව . ඒ නිසා මේ පෙළඹීමේ එකතු කළ අගය බින්දුවයි. වෙනත් විදිහකට කියනව නම් අස්ථිරත්වය ඇතු‍ළේ සතුට සෙවීම විය නොහැක්කක්!

බලාපො‍රොත්තු බිඳගෙන, වගේම ආශා තුනීකරගන්න බැරිව, ආලෝකය හා උපකාරය බලාපොරොත්තුවෙන් ආ බොහෝදෙනකුට බුදුන් කරුණු වටහාදුන්නෙ මේ විදිහට. ‘හැම මනුෂ්‍යයෙක්ම තමන්ගෙ තුටු පහටු බවේ බලාපොරෝත්තු එක්කාසු කරන්නෙ නිතර වෙනස්වන ගංගා මෝය කටේ වැලි එකතු කරන්නා වගේ’

ජීවිතය විඳවන්නෙ එය අස්ථිර නිසා කාලය නැමැති සඳළු තලයට වෙලා සදහටම සැප සුළං විඳින්න පුළුවන් මිනිසෙක් තව ම ඉපදිලා නෑ. කාලය හරියට සර්වබලධාරී පොලිස්කාරයෙක් වගේ. කැමති වුණත් නූනත් අපව සැනින් අයින් කරල දාන්න කාලයට පුළුවන්. ඉසිඹුවක් නැති මේ කාලයේ සඳැල්ල ඉතාම පැහැදිලිව අපෙන් ඉල්ලා සිටින්නේ අපේ ජීවිතයේ ගුණාත්මකභාවයයි. ගුණාත්මක ජීවිතයක් හරහා අපට කාලයේ වාසිය ලබාගන්න බැරිකමක් නැහැ. ඉමක් කොනක් නොමැතිව සිදුවන්නාවූ මේ චලනාවලියේ අප දන්නා සෑම සියලු දෙයක්ම, ඉපැදී

වර්ධනය වී, දිරාපත්වෙමින් මරණයට පත් වේ. අප කැටුව සිටි‍යේ මේ කාරණා හතර පමණි.

අපේ සතුට පවතින්නේ අඩුම තරමින් අසතුටේ මන්දස්වරය සමඟ එකට කැලතීගෙනය. ඒ නිසා අප සත්‍යය සොයන්නේ නම්, අප කැමති උනත් නැතත් අපට සැබෑ සත්‍යය මුණගැසේ. බැලූ බැල්මෙන්ම අපට ඇතැම් සත්‍ය යන් අතිශය අමිහිරිය. නමුත් අප්‍රසන්නකම නිසා අප එය අත්හරින්නේ නම් අපට වැඩිදුරක් යන්න බැහැ. ඒ වගේම ඕනෑම දෙයක් ගැන පළමු හැඟීම අලුත් වුණාට හැමවිටම එය විශ්වාස කරන්න බෑ. ඒ නිසා අපි තවදුරටත් ඉදිරියට ඇවිද‍ගෙන යමු.

මිනිසාගේ දුක්ඛ සත්‍යය අතිශය සාධාරණ වුවත් එය පිළිගන්න එක ලේසිපහසු ‍දෙයක් නෙවෙයි. නිකමට හිතල බලන්න අපේ වටපිටාව දිහා. ඔව් වසන්ත ඍතුවේ සිරියාව හා සෞන්දර්යය තුළ පවා කෙතරම් නම් දෙනෙක් මිය යනවද? වඩ වඩාත් සුවකළ නොහැකි රෝගවලින් පීඩාවිඳිනවාද? හිත් බිඳ ගැනීමේ වේදනා කෙතරම්ද? කළකිරුණ බලාපොරොත්තුවලින් ජීවිතය තිත්තවීම කෙතරම්ද? ලෝක ලාවණ්‍ය චමත්කාරය යනු අපට කරන සමච්චලයක් නොවෙයිද?

ටිකෙන් ටික අප වැඩෙනකොට අවුරුදු ගණන්වල අත්දැකීම් එකතු වෙනව. අපි අපේ කැමැත්තෙන් අන්ධ වෙලා නැත්නම් දුක්ඛ සත්‍යය සම්බන්ධ දැක්ම පුළුල් වෙනව. තවදුරටත් ගැඹුරට බැලීමේදී ජීවිතය මතුපිට පාවෙන රොඩු, බොඩු දකිනව. එතකොට අප දන්න කියන අය ගොදුරුවෙලා ඉන්න දම්වැල් සිද්ධිවලින් කැඩී වෙන් වෙලා හිතන්න පටන්ගන්නවා.

ප්‍රීතිමත් අවසානයක පවා ඉතාමත් නරක ආරම්භයක් ඇති බව දැන් අපට දකින්න පුළුවන් වෙනව; පුංචිම පුංචි දුර්වලකමක් වුවත් ‍කෙනෙකුගේ එතිලා එයාගේ චරිතය විනාශ කරල දාන්න පුළුවන්. ළමයින්ගෙ කඩාවැටීම්වලට දෙමාපියන් බීජ ඉහින්න පුළුවන්; වශී කාරක පොරොන්දුවලින් තාරුණ්‍යය නාස්තිවෙනව දකින්න පුළුවන්. දුක්ඛ සත්‍ය නැමැති දැක්ම සිද්ධිමත පදනම්ව අපට බලපෑමක් කරනවනම් දුක සමඟ හරි හරියට හෙට්ටුවීමට අපේ චරිතය ශක්තිමත් වෙන්නෙ නැහැ. එතකොට වෙන්නෙ අපි සර්ව අශුභවාදී නරුමයන් වෙන එක විතරයි. හරියට මහා කවිවර ෂෙලීගේ ඇඬුම් දෝකාංරය වගේ.

ලබන සතියේ මිනිස් ජීවිත ගැන

ටිබෙට් සිතුවම - සිංහල කළේ - සමුනි සමරකෝන් (දිනමිණ)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "‘මම සිද්ධාන්තය’"

    Post a Comment