
ඇසළ පුර පළොස්වක පොහොය දිනය අදයි.
- සුද්ධෝදන ශාක්‍ය රජතුමාගේ අග මෙහෙසිය වන මහාමායා දේවිය කුස සිදුහත් කුමරු පිළිසිඳ ගැනීම.
- සිදුහත් කුමරු ගිහිගෙය අතහැර අභිනිශ්ක‍්‍රමණය කිරීම.
- බුද්ධත්වයෙන් පසු ප‍්‍රථම ධර්ම දේශනාව පැවැත්වීම.
- ගණ්ඩම්බ රුක්ඛ මූලයෙහි දී තීර්ථකයන් දමනය කිරීම සඳහා යමාමහ පෙළහර පෑම.
- තව්තිසා දෙව්ලොවට වැඩ මාතෘ දිව්‍යරාජයාට විජම් බණ දෙසීම.
- රාහුල කුමරුන්ගේ උපත සිදුවීම.
- බුද්ධ පරිනිර්වාණයෙන්තෙමසකට පසු මහා කාශ්‍යප මහරහතන්වහන්සේ
ප‍්‍රධාන රහතන්වහන්සේලා පන්සියයක් සහභාගීත්වයෙන් අජාසත් රජුගේ දායකත්වයෙන් රජගහනුවර වේහාර පර්වත මූලයෙහි දී ප‍්‍රථම ධර්ම සංඝායනාව පැවැත්වීම.
ලංකාවේදී ප‍්‍රථම වස් සමාදන් වීම සිදුවීම.
බු: ව: 847 දී කිත්සිරි මෙවන් රජු දවස කළිඟු රටින් හේමමාලා කුමරිය හා දන්ත කුමරුන් විසින් ගෙනෙන ලද දළදා ස්වාමීන්වහන්සේ පළමු වරට ප‍්‍රදර්ශනය කිරීම.
කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා සියම් රටින් උපාලි තෙරුන් ඇතුළු සංඝයා වහන්සේලා වැඩම කරවා ලක්දිව උපසම්පදාව ඇතිකිරීම.
කතරගම, දෙවිනුවර, මහනුවර, රත්නපුර, ඇම්බැක්කේ, අලුත්නුවර, බෙල්ලන්විල පෙරහැර පැවැත්වීම.
යන කරුණු හේතු කොට ගෙන බෞද්ධයන් හට ඇසළ පුර පසළොස්වක පොහොය දිනය ඉතා සුවිශේෂී දිනයක් වනවා.
යන කරුණු හේතු කොට ගෙන බෞද්ධයන් හට ඇසළ පුර පසළොස්වක පොහොය දිනය ඉතා සුවිශේෂී දිනයක් වනවා.
Share this
|
|
0 Comment to "ඇසළ පුර පළොස්වක පොහොය දිනය අදයි."
Post a Comment