26 August, 2017

රසායන විද්‍යා ප්‍රශ්න ටියුෂන් ගුරාට යෑව්වේ චීනෙන් ගෙන්වූ අධි තාක්‌ෂණික උපකරණයකින්

TITLE
අමතර පංති ගුරුවරයකුගේ සහාය ලබාගෙන උසස්‌ පෙළ විභාගයේ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලබාදීම සඳහා කොළඹ ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය ලබමින් සිටි සැකකාර ශිෂ්‍යයා අධි තාක්‌ෂණික උපකරණයක්‌ භාවිත කර ඇති බව අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව හෙළි කරගෙන ඇත.

මෙම අධි තාක්‌ෂණික උපකරණය අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාර ශිෂ්‍යයා තම පියාගේ ක්‍රෙඩිට්‌ කාඩ්පත උපයෝගී කරගෙන අන්තර්ජාලය හරහා අදාළ අධි තාක්‌ෂණ උපකරණය චීනයෙන් ගෙන්වාගෙන ඇති බවද හෙළි වී ඇත. සැකකාර ශිෂ්‍යයා මෙම අධි තාක්‌ෂණික උපකරණය භාවිත කර ඉතාම සුක්‌ෂම ලෙස රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය ස්‌කෑන් කර එය අමතර පංති ගුරුවරයාගේ ලැප්ටොප් පරිගණකය වෙත අන්තර්ජාලය හරහා යවා ඇත.

එම ප්‍රශ්න පත්‍රයට අදාළ පිළිතුරු අමතර පංති ගුරුවරයා විසින් විභාග මධ්‍යස්‌ථානයේ සිටි සැකකාර ශිෂ්‍යයාට ලබා දී ඇත්තේ ඔහු ඉතාම සූක්‌ෂම ලෙස කනේ රඳවාගෙන සිටි මයික්‌ එකක්‌ මාර්ගයෙන් බවද අනාවරණය වී ඇත.

රුපියල් එක්‌ ලක්‌ෂ විසිඑක්‌ දහසක්‌ වටිනා මෙම අධි තාක්‌ෂණ උපකරණය කිසිවකුවත් සැක නොසිතෙන ආකාරයට ශරීරයේ සඟවාගෙන සිටිය හැකි බවද පොලිසිය පවසයි.

රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීමට අමතර පංති ගුරුවරයකුගේ සහාය තම පුත්‍රයාට ලබාදීම සඳහා කටයුතු කළ ඔහුගේ පියා පොලිස්‌ රෝහලේ රාජකාරි කරන වෛද්‍යවරයෙකි. ඔහු සහකාර පොලිස්‌ අධිකාරි තනතුරක්‌ද හොබවයි. මේ වන විට සැකකාර ශිෂ්‍යයා සහ ඔහුගේ පියා වන වෛද්‍යවරයා රක්‌ෂිත බන්ධනාගාරගත කර සිටිති. මෙම සිද්ධියට සම්බන්ධව අමතර පංති ගුරුවරයා අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක්‌ පවත්වාගෙන යයි. අපොස උසස්‌ පෙළ විභාගයේ රසායන විද්‍යාව ûû ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කීපයක්‌ අත් පත්‍රිකාවක මුද්‍රණය කර විභාගය අවසන් වීමට පෙර එය ගම්පහ නගරයේ ප්‍රධාන පෙළේ පාසල් සහ අමතර පංති කීපයක්‌ අවට බෙදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කළ විමර්ශනවලදී මෙම සිද්ධියේ සුලමුල හෙළි විය. අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‌ෂණ පවත්වාගෙන යයි. (හේමන්ත රන්දුණු - දිවයින)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "රසායන විද්‍යා ප්‍රශ්න ටියුෂන් ගුරාට යෑව්වේ චීනෙන් ගෙන්වූ අධි තාක්‌ෂණික උපකරණයකින්"

    Post a Comment