ඇය මාතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 2ක ශරීර ඇප මත මුදා හරින ලෙස මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු යුරේෂා ද සිල්වා මෙනෙවිය නියෝග කළාය.
එම සැකකාරිය වැලිගම ප්‍රදේශයේ විද්‍යාලයක ගුරුවරියක් වන අතර සිය සැමියා නිවෙස අසල තවත් කාන්තාවක් සමඟ අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන යන බවට තහවුරු කර ගැනීමෙන් පසුව අවස්ථා කිහිපයකදී සිය සැමියාට අනියම් සම්බන්ධතාව නතර කරන ලෙස අවවාද කර ඇති අතර එම අවවාද පිළිනොගැනීම හේතුවෙන්

උරණ වූ බිරිය විසින් සැමියාගේ රහස් ප්‍රදේශයට උණු වතුර වත් කර තුවාල සිදු කර ඇතැයි පැවැසේ.

ස්වාමිපුරුෂයා කරාපිටිය ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.
වැලිගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරයි.

මාතර - දර්ශන කොඩිතුවක්කු_මව්බිම
Share this
|
|
0 Comment to "සැමියාගේ අනියම් පෙමට උරණ වූ බිරිය රහසඟට උණු වතුර ගහලා"
Post a Comment