11 July, 2017

සුනාමියට හසුවු දරුවකු පොලිස් නිලධාරියෙකු සමඟ ‘නිල් චිත්‍රපට‘ පෙන්වමින් අපයෝජනය කළ හිමිනම

Monk Arrest

සුනාමියට හසුවු දරුවකු රැගෙන විත් පොලිස් නිලධාරියෙකු සමඟ එක්ව ‘නිල් චිත්‍රපට‘ පෙන්වමින් අසභ්‍ය ක්‍රියාවලට යොමු කළැයි කියන හිමිනමකට වසර තුනක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා රුපියල් ලක්ෂයක දඩයක්ද අද (10) නියම කළේය.

හිමිවරුන් මීට වඩා වගකීමෙන් යුතුව කටයුතු කටයුතු කළ යුතු බව පවසමින් එලෙස දඬුවම් නියන කළ විනිසුරුවරයා අදාළ බාලවයස්කාර දරුවාද සමඟ එක්ව නිල් චිත්‍රපට බලමින් අසභ්‍ය ක්‍රියාවල නිරත වීමේ චෝදනාවන්ට වරද පිළිගත් තවත් තරුණයින් දෙදෙනෙකුට වසර බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කොට එය වසර 10ක කාලයකට අත්හිටවුවීමට නියම කළේය. එම තරුණයන් දෙදෙනා සිද්ධිය වන වකවානුවේ බාල වයස්කරුවෝ වූහ.

මෙම සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරියා මේ වන මියගොස් ඇති බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ශනිල් කුලරත්න මහතා අධිකරණයට දැනුම් දුන්නේය.

විත්තිකාර හිමිනම හා තරුණයින් දෙදෙනා මෙම චෝදනාවන්ට තමන් වරද පිළිගන්නා බව අධිකරණයට දැනුම් දුන්හ.

(මනෝප්‍රිය ගුණසේකර)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "සුනාමියට හසුවු දරුවකු පොලිස් නිලධාරියෙකු සමඟ ‘නිල් චිත්‍රපට‘ පෙන්වමින් අපයෝජනය කළ හිමිනම"

    Post a Comment