11 July, 2017

කලිසම් නැතිව ගෙදර ගිය සුරියවැව ක්‍රිඩාංගනයේ සේවකයෝ

Sooriyawewa Stadium Workers - Ground Boys

සුරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රිඩාංගනයේ සිම්බාබ්බේ සමග පැවති තරග කාලසිමාවේදී ක්‍රිඩාංගණයේ තාවකාලික පදනම මත සේවය කල කම්කරුවන්ගේ වැටුප් ලබා දිමට පෙර ඔවුන් ඇද සිටි රෙදි ගලවාගැනිම නිසා ඊයේ (10) ඔවුන් දැඩි අපහසුතාවයකට පත් වු බව එහි සේවය කල කම්කරුවෝ පවසති.

සුරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රිඩාංගණයේ තරග පැවති කාල සිමාවේදී ක්‍රිඩාංගණයේ සේවය සදහා තාවකාලික පදනම මත කම්කරුවන් 100ක් පමණ බදවාගෙන තිබේ. ඔවුන් සදහා රැපියල් 1000 දෛනික දිමනාවක් ලබා දි තිබේ. මේ සදහා ප්‍රදේශයේ තරුණයන් 100 ක් පමණ බඳවාගෙන තිබු අතර ඔවුන්ගේ ප්‍රමුඛ රාජකාරිය බවට පත් වුයේ ක්‍රිඩාංගණයේ වැසි ආවරණය යෙදීමයි.

කෙසේ හෝ ශ්‍රි ලංකාව සිම්බාබ්බේ සමග පැවති තරගාවලිය ඊයේ (10) දින නිමා විමෙන් පසු එහි සේවය කල කම්කරුවන්ගේ තමන්ගේ දෛණික වැටුප් ලබා ගැනිමට ගිය අවස්ථාවේ එහි පාලනාධිකාරිය පවසා ඇත්තේ වැටුප් ලබා ගැනීමට පෙර ක්‍රිකට් ලාංජනය සහිත ඇඳ සිටින කලිසම ආපසු දෙන ලෙසයි. හදිසියේම මුහුණදීමට සිදුවූ මෙම තත්වයත් සමගින් එහි සේවය කල කම්කරුවන් දැඩි අසරණ තත්වයකට හා අපහසුතාවයකට පත් වුයේ ඇද සිටි කලිසම ගලවා දීමෙන් පසු ඔවුනට ඇදගෙන යාමට යට කලිසම හැරුණුකොට වෙනත් කලිසමක්ද රැගෙන නොඒමයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු කම්කරුවවෝ මෙසේ පැවසූහ.

අපි දෛණිකව රුපියල් 1000ක දිමනාවකට තමයි මෙහි සේවයට ගත්තේ. මන් අදට දින 06 ක් මෙහි වැඩ කලා. අද වැටුප් ලබා ගන්න ගියාම කියනවා වැටුප් ගන්න නම් ඇඳගෙන ඉන්න කලිසම ගලවා දෙන්න කියලා. අඩුම තරමේ මේ අයට අපිට ඒ පිළිබදව වේලාසනින් දැනුම් දෙන්න තිබුණා. එහෙම වුනානම් අපි වෙන කලිසමක් වත් අරගෙන එනවා. කලිසම දෙන්නේ නැතිනම් වැටුප් නොදෙන නිසා ඇද සිටි කලිසම් ගලවා දිලා යට ඇඳුම පිටින් ගිහින් වැටුප් අරගෙන ආවා. දැන් ඉතින් ගෙදර යන්න විදියක් නෑ. ටිකක් රෑ වෙනකම් ඉදලා හෙමින් සැරේ ගෙදර යනවා යැයි පැවසිය.

මෙම තත්ත්වය එහි සිටි කාගේත් දැඩි අප්‍රසාදයට කාරුණක් විය.

බොහෝ අය පැවසුවේ කම්කරුවන් දින 06ක් තිස්සේ ඇද සිටි කලිසම් ගලවාගෙන ක්‍රිකට් ආයතනය කරන්නට යන්නේ කුමක්ද යන්න පැහැදිළි නැති බවයි. කෙසේ වෙතත් කම්කරුවන් ඇද සිටි කලිසම් ගලවා දීමෙන් පසු පිරිසක් යට ඇදුම් පිටින්ම ගිය අතර තව පිරිසක් තමන් ඇදි සිටි බැනියම ඇඳගෙන නිවෙස් වෙත යනු දැකගත හැකි වීය.

(දිලීප් ජයසේකර / රොෂාන් දිලිප් කුමාර - lankadeepa)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "කලිසම් නැතිව ගෙදර ගිය සුරියවැව ක්‍රිඩාංගනයේ සේවකයෝ"

    Post a Comment