
තිසර පෙරේරා කියන්නේ පසුගිය කාලය පුරාම කතාබහට ලක්වූ ක්‍රීඩකයෙක් වුණා. විශේෂයෙන් සමාජජාල මාධ්‍යයන්වල.
එහෙම කතාබහක් නිර්මාණය වුණේ ශූරයන්ගේ තරඟාවලියේදී තිසර අත්හල පහසු උඩපන්දුවක් නිසායි.
කොහොමවුනත් තිසරගේ ට්විටර් ගිණුමට රසිකයෙකු දමා තිබූ අදහසකට දැක්වූ ප්‍රතිචාරයක් හේතුවෙන් මේ පිළිබඳ සමාජජාලවල අලුත් කතාබහක් නිර්මාණය වෙමින් තිබෙනවා.
රසිකයා දැමූ සටහන වන්නේ “අනික් අයට හොඳින් කරන්න දීලා ගෙදරට වෙලා ඉන්න. ඔබ ඕනෑතරම් මුදල් උපයාගෙන ඉන්නේ
යනුවෙනි”.
මෙම සටහනට තිසර දැමූ සටහනයි මේ.
“මම මුදල් බලාගෙන ලංකාව වෙනුවෙන් සෙල්ලම් කරන්නේ නැහැ. මට කිසිදු ගෙවීමක් හම්බුනේ නැතත් ඕනම වෙලාවක මගේ රට වෙනුවෙන් සෙල්ලම් කරන්න පුලුවන් ”
මෙම සටහනට තිසර දැමූ සටහනයි මේ.
“මම මුදල් බලාගෙන ලංකාව වෙනුවෙන් සෙල්ලම් කරන්නේ නැහැ. මට කිසිදු ගෙවීමක් හම්බුනේ නැතත් ඕනම වෙලාවක මගේ රට වෙනුවෙන් සෙල්ලම් කරන්න පුලුවන් ”
Bro I don't play for sri lanka expecting money. Even If I dont get any payment, I can play for my country anytime https://t.co/JHd4oyz14l— Thisara perera (@PereraThisara) July 10, 2017
Share this
|
|
0 Comment to "සල්ලි බලාගෙන සෙල්ලම් කරනවා කියලා රසිකයෙක් කිව්ව දේකට තිසර දුන් අපූරු පිළිතුර"
Post a Comment