මෙය ඉවසා දරාගත නොහැකි ප්‍රේක්‍ෂකයන්ගේ ඉවසීමේ සීමාව ඉක්මවා යෑමක් ලෙස පෙරේදා රාත්‍රියේ දඹුල්ලේදී ඇතිවූ කලහකාරී සිද්ධිය හැඳින්විය හැකි අතර මෙසේ ශ්‍රී ලංකා පිලේ දක්‍ෂතාවන්ගේ කඩාවැටීමට ප්‍රධානතම හේතුව කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ හැකියාවන් පිළිබඳ ප්‍රශ්නයට වඩා ක්‍රීඩකයන් කළමනාකරණයට අදාළව ඇති ක්‍රිකට් කරවන මහත්වරුන්ගේ ක්‍රියාකලාපය නිසා බවට ක්‍ෂේත්‍රයේ විද්වත් පිරිස් අතර මාතෘකාවක් වී ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට සෘජුවම සම්බන්ධ නොවන ක්‍රිකට් ප්‍රජාව අතර එවන් කතාබහක් නිර්මාණය වී තිබෙන මොහොතක එය වඩාත් උණුසුම් වී ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමේ අන්තර්වාර ජාතික පුහුණුකරුවා ලෙස කටයුතු කරන නික් පෝතස් පෙරේදා පැවැති එක් දින තරගයේ අන්ත පරාජයෙන් පසුව මාධ්‍ය හරහා කළ ප්‍රකාශයන්ද සමඟය. ශ්‍රී ලංකා පුහුණුකරුවා පෙරේදා කී දේවල් මීට පෙර අපිද කිහිපවරක් පෙන්වා දුනි.
මින් පෙර හිටපු පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ්ද හිටි හැටියේම පැදුරටත් නොකියා ගියේ මේ කවුරුත් කතා කරන කාරණා නිසාය. එහෙත් ඒවා ගැන ගණනකට නොගන්නා ක්‍රිකට් පාලකයෝ තවමත් අඳුරේ අත පත ගාති. සිදුකෙරෙමින් පවතින වැරැදිවලට විසඳුම් සොයනවා වෙනුවට හිටපු දක්‍ෂ ක්‍රිකට් ක්‍රීඩකයන් පුහුණුකරුවන් බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලියක ක්‍රිකට් පාලකයන් නිරතව සිටී. එහෙත් මෙවන් ක්‍ෂණික පත්කිරීම් කිරීමට පෙර ඉගෙනීමට දක්‍ෂ ශිෂ්‍යයකු සෑම විටම දක්‍ෂ ගුරුවරයකු නොවන්නේය යන න්‍යාය සිහියේ තබා ගත යුතුය.
එහෙත් අද සිදුවන්නේ එය නොවේ. තවත් පැත්තකින් බැලූ විට අද ශ්‍රී ලංකා පිලේ ඇද වැටීමට ප්‍රධාන
හේතුවක් වී ඇත්තේ එදා දක්‍ෂ ක්‍රීඩකයන් අද ක්‍රීඩකයන්ගේ ගුරුවරුන් බවට පත්වී ඔවුන්ගේ රාජකාරියේ සීමාවන් ඉක්මවා යෑමයි. සනත් ජයසූරිය තේරීම් කමිටු සභාපතිවරයා නම් ඔහු ජාතික පුහුණුකරුවන් සමඟ හරි හරියට ක්‍රීඩාංගණය බදු ගැනීමට අවශ්‍ය නැත.
ඉන්දීය ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සභාපති මන්නාව ශ්‍රී කාන්ත් ප්‍රසාද් උදෑසන සිට ක්‍රීඩා පිටියට පැමිණ පුහුණුකරුවන්ගේ කටයුතුවලට මැදිහත් වනවා අප දැක නැත. ක්‍රිකට් කළමනාකරු ගුරුසිංහටත් කිව යුත්තේ ඒ ටිකමය.
තමන්ට පැවැරී ඇති රාජකාරියේ සීමාවන් තම තමන් හඳුනාගත යුතුය. වෙනත් රටවල එවන් තනතුරු දරන්නන් මෙවන් නාඩගම් නටන්නේ නැත. තවත් අතෙකින් බැලූ විට තේරීමේ දැලට හසුකරමින් මෙරටේ තරම් ක්‍රීඩකයන් වෙනත් රටවල අනාථ කර නැත. ගෙවී ගිය වසරක කාලය තුළ එසේ අනාථ ලැයිස්තුවට ඇද වැටුණු නවක ක්‍රීඩකයන් සංඛ්‍යාව 40කට ආසන්නය.
මේවා ගැන හේතු පාදක ඉදිරිපත් කිරීමට පත්තරවලට ගොස් පිටුගණන් සම්මුඛ සාකච්ඡා දීමෙන් පලක් නැත. හේතුව එකක් කියා ඊට පසුදාම වෙනත් එකක් කරන්නේ නම් කණ්ඩායමෙන් ලැබෙන ප්‍රතිඵලය එකමය. තරග ප්‍රතිඵල කෙසේ වෙතත් එක් කාරණයකින් නම් දැන් ශ්‍රී ලංකාව ලෝක වාර්තාවක් තබා ඇත.
එනම් මීට දශකයකට පමණ පෙර ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාගෙන් කෙනෙක් අද ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයාය. අනෙක් පිතිකරුවා අද ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකයාය. වරින් වර නායකයන්ද මාරු කරමින් තෝරා ගෙන ඇති වත්මන් එක්දින නායකයා සමඟ 2019 ලෝක කුසලානයට යා හැකිදැයි යන ප්‍රශ්නයට ඉන්දියාවට එරෙහිව එක්දින තරගාවලියෙන් පසුව පිළිතුරක් ලැබීමට ඉඩ ඇත.
ඒ නිසා මහජන මුදලින් යැපෙන අය මෙසේ පිස්සු නටන විට මහජනතාව තවදුරටත් බලා නොසිට පොල්ල අතට ගැනීම එක් අතෙකින් සාධාරණය. මෑත කාලයේ මෙරට තුළ පැවැති උද්ඝෝෂණ දෙස බැලූ විට මිනිසුන් පාරට නොබැස්සේ ක්‍රීඩාව ගැන කතා කිරීමට පමණි. එහෙත් අද "අපේ ක්‍රිකට් අපිට ඕන" යනුවෙන් සටන් පාඨ කියමින් ක්‍රීඩාලෝලීන්ට පවා ක්‍රීඩාව වෙනුවෙන් පාරට බැසීමට සිදුවී හමාරය. මෙය ක්‍රීඩාවට මෙන්ම රටටද යහපත් පෙරනිමිත්තක් නොවේ.
සිරිනාම රාජපක්‍ෂ (මව්බිම)

Share this
|
|
0 Comment to "අපේ ක්‍රිකට් අපිට ඕන"
Post a Comment