ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාට පනවා තිබූ තරග තහනම ඉවත් කෙරුනා.
ඒ ඔහුට එල්ල වී ඇති චෝදනා සියල්ල අසත්‍ය චෝදනා බව සනාත වීමෙන් අනතුරුවයි.
ඒ අනුව ඔහුට නැවත කී‍්‍රඩා කිරීමට අවස්ථාව උදාවී තිඛෙනවා.
මේ සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාවෙන් බිහි වූ විශිෂ්ඨ ක්‍රිකට් නායකයින් දෙපළක් වන කුමාර් සංක්කාර සහ මහේල ජයවර්ධන සිය අදහස් පළ කර තිඛෙනවා.
මහේල සිය ට්විටර් ගිණුම හරහා පවසා ඇත්තේ කුසල් ජනිත්ට තර`ග තහනම පැනවූ කි‍්‍රයාවලිය පිළිබඳව ඔහු කනගාටු වන බවයි.
කි‍්‍රඩකයෙකු කිසියම් හෝ පරීක්ෂණයකට ලක්වන විට එහි සෑම විභාගයක්ම අවසන් වන තෙක් ඔහුට කී‍්‍රඩා කිරීමට අවස්ථාව ලබාදිය යුතු බවයි මහේල ජයවර්ධන අන්තර් ජාතික කි‍්‍රකට් කවුන්සිලයට යෝජනා කරඇත්තේ.
මේ අතර සිය ට්විටර් ගිණුම හරහා පණිවුඩයක් තබමින් කුමාර්
සංගක්කාර ද සිය අදහස් පළ කර තිඛෙනවා.
කුසල් ජනිත්ට හැකි ඉක්මනින් එංගලන්ත තරගාවලිය සමගින් සම්බන්ධවීමට හැකි උපරිම සහාය දැක්වීම දැන් සිදු කළ යුතු හොඳම දේ ලෙසයි කුමාර් සංගක්කාර එයින් පෙන්වා දෙන්නේ.
Share this
|
|
0 Comment to "කුසල් නිසා ක්‍රිකට්නීති පොත අලුත් වෙයිද...?"
Post a Comment