30 November, 2016

බ්‍රසීල ගුවන් අනතුරේ සංවේදී පුවත් රැසක් - සතියකට පෙර පියෙක් වූවෙකුත් මරුට



– සතියකට පෙර පියෙකු වීමේ සතුට සැමරූ ක්‍රීඩකයා මිය යද්දී ගුවන් ගමන් බලපත්‍රය අමතක වීම නිසා තවත් ක්‍රීඩකයෙකු දිවි ගලවාගත් අන්දම.

බ්‍රසීල පාපන්දු කණ්ඩායමක් රැගත් ගුවන් යානයක් ඊයේ (29) කොලොම්බියාවේ කඳුකර ප්‍රදේශයකදී අනතුරට පත්විය.

මෙම අනතුරින් පුද්ගලයින් 76දෙනෙකු මියගොස් ඇති බවත්, ඉතිරි පස්දෙනා දිවි ගලවාගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය අණාවරණය කළේය.අනතුර සිදුවන අවස්ථාවේ කාර්ය මණ්ඩළය ඇතුළු මගීන් 81 දෙනෙකු එහි සිට ඇත.

කොලොම්බියාවේදී අද (30) පැවැත්වීමට නියමිතව තිබූ කෝපා සුඩාමෙරිකා පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගයට එක්වීමට බ්‍රසීලයේ පළමු පෙළ ක්‍රීඩා සමාජයක් වන කාපෙකොන්සෝ පාපන්දු කණ්ඩායම ගුවන් මගින් ගමන් කරමින් සිටින විට ඔවුන් මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දුන්හ.

කෙසේ වෙතත් ඇලන් රෂල් හා ජැක්සන් ෆොල්මාන් නැමති ක්‍රීඩකයින් දෙදෙනා අනතුරින් දිවි ගලවා ගැනීමට සමත්ව තිබේ.

එමෙන්ම මෙම යානයේ ගමන් කිරීමට නියමිතව සිටි නමුත් ගුවන් ගමන් බලපත්‍රය අමතක වීම නිසා යානය මගහැරීමෙන් අනූ නවයෙන් දිවි ගලවාගත් මෙම පාපන්දු කණ්ඩායමේ කළමණාකාරවරයාගේ පුත්‍රයා පිළිබඳව පුවතක්ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.ඔවුන් දෙනොගේ ඡායාරූපයක් පහතින්..



එමෙන්ම් මෙම සංචාරයට සභභාගී නොවු අනතුරට පත් කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනෙකු ඔවුන්ගේ ඇඳුම් මාරුකරන කාමරයේ සිටින සංවේදී ඡායාරූපයක්ද විදෙස් මාධ්‍ය වාර්තාකොට තිබුණා.මින් දින කිහිපකට ඉහතදී මෙම කාමරයේදීම සියලු ක්‍රීඩකයින් අවසන් තරඟයට සුදුසුකම් ලැබීමේ සතුට සමරා තිබුණා..



එමෙන්ම මෙම කණ්ඩායමේ සිටි ටියාගෝ ද රෝචා නැමති ක්‍රීඩකයෙකු මීට සතියකට පමණ පෙර තමා පියෙකු වීමට පුවත අසා කණ්ඩායමේ ක්‍රීඩකයින් සමග සතුට සැමරූ සංවේදී වීඩියොවක්ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි..







ගුවන් අනතුරේ තවත් ඡායාරූප පහතින්..




















Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "බ්‍රසීල ගුවන් අනතුරේ සංවේදී පුවත් රැසක් - සතියකට පෙර පියෙක් වූවෙකුත් මරුට"

    Post a Comment