මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද දුම්වැටිවල වෙළෙඳපොළ වටිනාකම රුපියල් බිලියන 1.9 ක් පමණ වනු ඇති බවයි.
මේ අතර 2016 වසරේ සිව්වන කාර්තුවේ දී මෙරට දුම්වැටි සඳහා පනවන ලද බදු ඉහළ දැමීම හේතුවෙන් දුම්වැටි මිල ඉහළ යාමත් සමඟම මෙලෙස නීතිවිරෝධී දුම්වැටි වැඩි වශයෙන් රට තුළට පැමිණීම සිදුව ඇති බව සමාගමේ විශ්වාසයයි.
ලංකා දුම්කොළ සමාගම 2017 ජූනි 30 දිනෙන් අවසන් කාර්තුව තුළ දී රුපියල් බිලියන 2.95 ක බදු ගෙවීමෙන් පසු ලාභයක් වාර්තා කර තිබෙන අතර මෙය 2016 වර්ෂයේ සමාලෝචිත කාර්තුව හා සැසඳීමේ දී 3% ක පහළ යාමකි.
තවද සමාගම විසින් 2017 මුල් මාස 06 තුළ දී රජයට ගෙවා ඇති සම්පූර්ණ බදුවල වටිනාකම රුපියල් මිලියන 51,930 ක් ලෙසින් වාර්තා වේ. 2016 පළමු භාගයේ දී වාර්තා වූ අදාළ බදු වටිනාකම රුපියල් මිලියන 44,688 කි. (දෙරණ)

Share this
|
|
0 Comment to "සිගරට් මිල වැඩිවුණාම හොර සිගරට් වැඩිවෙලා – දුම්කොළ සමාගම කියයි"
Post a Comment