13 April, 2017

මෙලානියාට වන්දි ගෙවීමට ඩේලිමේල් පුවත්පතට සිදුවේ

melania-trump-01

ඇමෙරිකාවේ ජනපති ආර්යාවගේ නිරූපණ දිවිය සම්බන්ධයෙන් පළකෙරුණු වාර්තාවක් හේතුවෙන් ඇයට සිදුවූ හානිය හා අලාභය වෙනුවෙන් වන්දි ගෙවීමට බ්‍රිතාන්‍යයේ ඩේලිමේල් පුවත්පතට සිදුව තිබේ.

මෙලානියා ට්‍රම්ප් වරක් මෝස්තර නිරූපණයේ පරිවාර නිරූපිකාවක ලෙස කටයුතු කර ඇති බවට එම පුවත්පත සඳහන් කළ අතර, පසුව එම පුවත වරදක් බව ඔවුන් පවසා සිටියේය.

ඇමෙරිකානු ජනාධිපතිවරණය සඳහා ට්‍රම්ප් තරග කරන සමයේදී මෙම පුවත පළ කෙරිණි.

ලන්ඩන් ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාග කෙරුණු මෙම නඩුවේදී ඩේලිමේල් පුවත්පත විසින් සිදුකරනු ලැබූ සමාව අයැදීම සහ සිදුවූ අලාභ ගෙවීම ජනපති ආර්යාව විසින් පිළිගෙන තිබේ.

ඇය මේ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ගයකට පිවිසීම පසුගිය පෙබරවාරි මාසයේදී සිදුවූ අතර, එහිදී, ඇ.ඩො.මිලියන 150ක වන්දියක් ඉල්ලා සිටියාය.

කෙසේ වෙතත්, මෙම නඩු තීන්දුවේදී ජනපති ආර්යාව විසින් පිළිගෙන ඇති අලාභ වන්දි මුදල කොපමණද යන්න අධිකණය ප්‍රසිද්ධ කර නොමැත.

රොයිටර් පුවත් සේවය හා තවත් පුවත් වාර්තාවන්ට අනුව එය ඇ.ඩො.මිලියන 3කට අඩු මුදලක් හා නඩු ගාස්තු ආදිය ඇතුළත් වන්දියක් විය හැකි බව සඳහන් වෙයි.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මෙලානියාට වන්දි ගෙවීමට ඩේලිමේල් පුවත්පතට සිදුවේ"

    Post a Comment