08 April, 2017

ලිංගික විපර්යාසයකට මුහුණ දීම ගැන මේනකා කියපු දේ

menaka-maduwanthi-03

නිරන්තරයෙන්ම කතා බහට ලක්වෙන චරිත කිහිපයක් රංගන ක්ෂේත්‍රයේ ඉන්නවා. මේනකා මධුවන්ති කියන්නෙත් ගොසිප් නිසා කා අතරත් ජනප්‍රිය චරිතයක්. පහුගිය කාලේ රංගනයෙන් ඇත් වෙලා හිටිය මේනකා ආයෙමත් රඟපාන්න පටන් අරගෙන. ඒ ගැන ඇය සති අන්ත පුවත්පතකට කතා කරලා තිබුණා. මේ ඒ ගැනයි.

මේනකා ආයෙත් රංගනයට තැන දීලා කියලා ආරංචියි..?
ඔව්. මම ආයෙමත් වැඩ පටන් ගත්තා. ලස්සන චිත්‍රපටියකට සම්බන්ධ වුණා. ඒ වගේම ටෙලි නාට්‍ය කිහිපයකටත් සම්බන්ධ වුණා. ඒවා ඉදිරියේදී දකින්න ලැබෙයි.

ලොකු කාලයක් රංගනයෙන් නිහඬ වෙලා හිටියේ ඇයි..?
මගේ ෂොප් එකේ වැඩවලට මම යොමු වෙලා හිටියා. ඒ නිසා අවුරුදු එකහාමාරක් විතර රංගන කටයුතු වලට සම්බන්ධ වුණේ නැහැ.

සමහරු නම් කියන්නේ මේනකාට වැඩ අඩු වුණා කියලයි..?
මට වැඩ අඩු වුණේ නැහැ. ආරාධනා ඕන තරම් ලැබුණා. නමුත් මම ඒවා ප්‍රතික්ෂේප කළා.මොකද ඒ චරිත ඒකාකාරී චරිත. මම ඒකාකාරී චරිත රඟපාන්න කැමති නැහැ. හොඳ චරිත ලැබුණා නම් මම මොන වැඩ තිබ්බත් ඒවාට සම්බන්ධ වෙනවා.

ලැබෙන ඕන වැඩක එල්ලිලා මුහුණ පෙන්න ගන්න වුවමනාව මේනකාට නැද්ද ..?
රංගනය කියන්නේ මගේ වෘත්තිය නෙමෙයි. මට හැම වැඩකටම සම්බන්ධ වෙලා මුහුණ පෙන්න ගන්න ඒ නිසා වුවමනාවක් නැහැ. මම මේ ගමන ඉවසීමෙන් යන්නේ හොද චරිත ලැබුණොත් රගපානවා.

නිතර නිතර පේනෙනකොට ගොසිප් හැදෙනවා වැඩියිලු. මේනකා කාලයක් දකින්න නොහිටියේ ගොසිප් වලට බයේද..?
මම ගොසිප් වලට බය නැහැ. නමුත් ගොසිප් දකිද්දී මට දුකයි. මම ඒවාට වැටෙන්නේ නැහැ. ජනප්‍රියත්වයත් එක්ක ඔය දේවල් වෙනවා. කොහොම හිටියත් කට කතා හැදෙනවා.

කාලයක් දකින්න නොහිටිය නිසා ජනප්‍රියත්වය අඩු වෙලාද..?
පේන්න නොහිටියා කියලා මගේ ජනප්‍රියත්වය අඩු වෙලා නැහැ. ලැබුණු ප්‍රතිචාර ඒ විදිහටම ලැබෙනවා.

ලිංගික විපර්යාසයකට මුහුණ දුන්නලු නේද ..?
ඔය කියන්නේ අනෝරා චිත්‍රපටය. මම නර්තන ශිල්පිනියකගේ චරිතයක් නිරුපනය කරන්නේ. පිරිමි චරිතයක් වගේම ගැහැණු චරිතයක් නිරිපනය කරන්න තියනවා. ඒක ඇත්තටම අභියෝගාත්මක චරිතයක් වුණා.

දැන් ආක්ෂා එක්ක තිබුණු යාළුකමට මොකද වුණේ...?
ඒ යාළුකම එහෙමම තියනවා.

හැබැයි මේනකායි ආක්ෂයි එකට දකින්න ලැබෙන අවස්ථා අඩුයිනේ..?
අපි දෙන්නගේ ඡායාරූප නිසා අපේ ජීවිතවල ගොඩක් දේවල් වෙනස් වුණා. ඒ නිසා මමයි ආක්ෂාට කිව්වේ ඡායාරූප දන්නා එපා කියලා. ඒ දේවල් වලින් යාළුකම් මනින්න බැහැනේ. අපේ යාළුකම අපි අතර තවම තියනවා.

ජිවිතේ වෙනසක් වෙනුවෙන් තීරණයක් අරගෙන නැද්ද..?
ඔය අහන්නේ විවාහය ගැනනේ.ඇයි ඒකට හදිසි වෙන්නේ. ජිවිත කාලයටම ඉන්න එක්කෙනෙක් හොයා ගන්න ඕනනේ.

එහෙම කෙනෙක් හොයාගෙන නැහැ කියලද කියන්නේ..?
එහෙම හොයා ගත්තා නම් මෙහෙම තනිකඩව ඉදියිද.

හැබැයි හිත ගිය අය වගේම හිත ඉල්ලාගෙන එන අයත් ඉන්නවා කියලයි ආරංචිය ..?

හිත ගිය අය ඉන්නවා.හිත ඉල්ලන අයත් ඉන්නවා. වැඩේ තියෙන්නේ මම කැමති අය මට කැමති නැහැ. මට කැමති අයට මම කැමති නැහැ. එකනේ ප්‍රශ්නේ.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ලිංගික විපර්යාසයකට මුහුණ දීම ගැන මේනකා කියපු දේ"

    Post a Comment