07 June, 2017

ආදරය සම්පූර්ණ කරන්නේ රාගය – පැතුම් රුක්ෂාන්

Pethum Rukshan - 2017-06-07_14-49-38

ලංකාවේ කලා ක්‍ෂේත්‍රයේ ඉන්න කඩවසම්ම තරුණයෙක් තමයි පැතුම් රුක්ෂාන්,
ඔහුයි මෙවර රිවිසරසියේ ආදරය ගැන කතා කරන්නේ

1. ආදරයට නිර්වචනයක් දෙන්න
ඇත්තටම ගොඩක් සුන්දර, හැමෝටම ඕන දෙයක් තමයි ආදරේ කියන්නේ.

2. පාසල් ප්‍රේමය සුන්දරයිද?
පාසල් ප්‍රේමය ඔව්, ඇත්තටම සුන්දරයි.

3. ආදරය මුලින්ම හිතට දැනෙනකොට වයස කීයද?
මට මුලින්ම ආදරේ හිතට දැනෙන්නේ ඉස්කෝ‍ලේ යන කාලෙදි. එතකොට 10-11 වසරවලදි තමයි ආදරේ දැනුණේ මුලින්ම.

4. ආදරය හැමවිටම ප්‍රකාශ කළ යුත්තේ පිරිමි ළමයාද?
ඔව්. මගේ ආදරේ නම් මුලින්ම කීවේ මං. ලියුමකින් තමයි ආදරෙයි කියලා කිව්වේ.

5. අප්‍රකාශිත ආදරයක් ඔබට තිබේද? තිබුණාද?
ඔව්, එහෙම ආදරයකුත් තිබිලා තියෙනවා.

6. ආදරය කරන දෙදෙනකුගෙන් හැමවිටම පෙම්වතා වැඩිමල් විය යුතුද?
නෑ, ඇත්තටම ආදරේට වයස් භේදයක් නෑ. ආදරේ කරන දෙන්නා ගැළපෙනවා නම්, අදහස් හොඳට ගැළපෙනවා නම් සහ විශ්වාසය දෙදෙනා අතර තියෙනවා නම් ආදරයට වයස් භේදයක් නෑ.

7. ඔබට වඩා වයසින් වැඩි කෙනෙකු ගැන ආදරයක් හිතිලා තිබේද?
ඔව්. මම එහෙම ආදරේ කරලා තියෙනවා. මට වඩා වයසින් අවුරුදු දෙකක් වැඩිමල් කෙනෙක් එක්ක සීරියස් එෆයාර් එකක් තිබිලා තියෙනවා.

8. පෙම්වතියගෙන් ලැබුණු පළවෙනි තෑග්ග මොකක්ද?
ඉස්කෝ‍ලේ යන කා‍ලේ මුලින්ම මට ‍පොත් වගයක් තමයි ගෙනැත් දුන්නේ. තෑග්ගක් කියලාම ඒකට කියන්න බෑ.

9. ඇය ඔබට ආදරේට කියන නම මොකක්ද?
ආදරේට ඉතින් මට බබා කියනවා. පැටියෝ කියනවා.

10. ගැහැනියකගේ ඔබට ආදරේ හිතෙන්නේ ඇයගේ මොන ගතිගුණවලද?
ගොඩක් ගතිගුණ තියෙනවා. මුලින්ම ඇය ආදරේ වෙන්න ඕන. මට ගොඩක් ආදරේ කරන්න ඕන. මං කැමති ටිකක් ‍නෙවෙයි ගොඩක් ආදරේ කරන්න. ඒක මට විතරක් වෙන්න ඕන. සාමාන්‍යයෙන් මං කොණ්ඩේ දිග ගෑනු ළමයින්ට කැමති නෑ. හොඳ ගතිගුණ තියෙන, හැමෝම එක්ක හොඳින් ඉන්න, මගේ ලස්සනට ගැළපෙන ලස්සනක් තියෙන කෙනෙක් වෙන්න ඕන.

11. ආදරේ විවාහයෙන් කෙළවර වෙනවාද?
ඔව්. ආදරේ කරන්නේ විවාහයෙන් කෙළවර වෙන්න තමයි.

12. විවාහය නිසා මිනිස්සු වෙනස් වෙන්නේ කොහොමද?
මම තාම විවාහ වෙලා නැති වුණත් අනිත් අයගේ විවාහ ජීවිත දැක්කාම මට හිතෙන්නේ අවබෝධයෙන් විවාහ වෙලත් වෙන්වෙන අවස්ථා තියෙනවා. මම නම් දෙපාරක් විවාහ වෙන්න ‍නෙවෙයි විවාහ වෙන්නේ. තමන්ට ගැළපෙන කෙනෙක් හොයාගෙන විවාහ වෙනවා නම් වෙනස් වෙන්න වුවමනාවක් නෑ. අවබෝධයෙන් විශ්වාසයෙන් විවාහ ජීවිතේ ගෙනියනවා නම් වෙනස් වෙන්න වුවමනාවක් නෑ. විශ්වාසය තමයි විවාහ ජීවිතේ වැදගත්ම දේ.

13. විවාහය ලියාපදිංචි කළ යුතුද? ඒ ඇයි?
විවාහ වෙනවා නම් ලියාපදිංචි කරන්න ඕන රටේ නීතිය හැටියට. නමුත් විවාහය කියන්නේ එහෙම කොළේකට විතරක් සීමා වෙන දෙයක් ‍නෙවෙයි.

14. ආදරය හා රාගයට එකවිට පැවැත්මක් තියෙන්න පුළුවන්ද?
ආදරේ කරනකොට රාගය තියෙන්න ඕන. ආදරේ සම්පූර්ණ වෙන්නේ ඒ සියලුම දේවල් සම්පූර්ණ වුණාම. මට හිතෙන විදිහට සැබෑ ආදරයක් ඇතිවෙන්න ආදරය වගේම රාගය කියන දේවලුත් එකතු වෙලා සමබරතාවක් ඇතිවුණාම. එතැන හොඳ ආදරයක් ගොඩනැගෙනවා සහ අනිවාර්යයෙන්ම රාගය තිබිය යුතු දෙයක් ආදරයේදි.

15. ඇය සමග තරහ වුණාම ඔබ මොකද කරන්නේ?
මං තරහාවෙලා ඉන්න කැමති නෑ. තරහ වුණාම මං පුළුවන් තරම් කතා කරනවා. මොන හේතුවට තරහා වුණත් එයා කතා කරනකම් ඉන්නේ නෑ. මං මුලින්ම කතා කරනවා. මොකද එයා මගේ ගර්ල් ෆේ‍රන්ඩ්. ඉතින් මට එයාට සොරි කියන්න බැරි හේතුවක් නෑනේ.

16. ඒ තරහව කොච්චර කාලයක් තියෙනවාද?
මට ඉක්මනට තරහා යනවා වගේම අනිත් පැත්තට ඉක්මනට තරහව නැතිවෙලා යනවා. ‍පොඩි වෙලාවයි ඉන්නේ තරහාවෙලා. ඉක්මනට කතා කරලා වුණ දේවල් අමතක කරනවා. මොකද මං හින්දා තරහ වුණොත් මට ගොඩක් දුක හිතෙනවා. ඇයි එහෙම වුණේ කියලා. ඉතින් එතකොට මට එයාට කතා කරන්න හිතෙනවා සහ කතා කරනවා.

17. විරහව එක ජේදයකින් විස්තර කරන්න?
ආදරෙන් ලැබෙන දුක තමයි විරහව. ඒක හරිම දුකයි වගේම විරහවෙත් රහක් තියෙනවා.

18. සමලිංගිකයන්ගේ ආදරය සමාජ සම්මතයට පටහැනිද? ඇයි?
ලංකාව තුළ නීතියක් සහ සංස්කෘතියක් තියෙනවා. ඒත් එක්ක මම සමලිංගික ආදරය අනුමත කරන්නේ නෑ. නමුත් එක එක්කෙනාගේ ආසාවන් වෙනස්. ඒක වැරැද්දක් කියලා කියන්න බෑ. ඔවුන් ඔවුන්ගේ ආසාවන් පිරිමසා ගන්නවා. නමුත් ඒක ලංකාව තුළ ස්ථාපිත කිරීමට මම විරුද්ධයි.

19. ආදරය එක් සහකාරියකට පමණක් සීමා විය යුතුද?
අනිවාර්යයෙන්ම ආදරේ එක් සහකාරියකට පමණක් සීමා විය යුතුයි. මට ගෑනු ළමයෙක් එක්ක යාළු වෙන්න පුළුවන්. ඒත් ආදරේ කරන්න පුළුවන් එක්කෙනෙක්ට විතරයි. මං මුලින්ම කීව ගතිගුණත් එක්ක ආදරේ ඇතිවෙන්නේ එක්කෙනෙක්ට විතරයි.

20. මේ වෙද්දි ගෑනු ළමයි කීදෙනෙක් දාලා ගිහින් තියෙනවාද?
මේ වෙද්දී නම් දාලා ගිහින් තියෙන්නේ එක්කෙනයි.

නඳුනි ආරියවංශ (rivira)
ඡුායාරූප: චමිල කරුණාරත්න

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ආදරය සම්පූර්ණ කරන්නේ රාගය – පැතුම් රුක්ෂාන්"

    Post a Comment