28 June, 2017

“මේ සංචිතය ජාත්‍යන්තර තරඟයකට සුදුසු නෑ දේශීය තරඟයකට නම් හොඳයි ..”- දයාසිරි

SL Cricket Team - 02

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන ක්‍රිකට් තරඟාවලිය මේ මස 30 වනදා ආරම්භ වීමට නියමිතය. 

තරඟාවලිය සඳහා නම් කල සංචිතයට ක්‍රීඩා ඇමති වරයාගේ අනුමැතිය නොලැබීමට හේතුවක් වී තිබෙන්නේ තේරීම් කමිටුව විසින් නම් කල ක්‍රීඩකයන්ගෙන් කිසිවෙකු ජාත්‍යන්තරව පිළිගන්නා
යෝග්‍යතා කඩයිමට පැමිණීමට අපොහොසත්වීම නිසා ක්‍රීඩා අමාත්‍යවරයා අවශ්‍ය අනුමැතිය ලබා නොදීම නිසා බවවාර්තා වේ.

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර අද පුවත්පත සමඟ පවසා ඇත්තේ මේ සංචිතයේ ශාරීරික යෝග්‍යතාවය දේශීය තරඟයකට සුදුසු වුවද ජාත්‍යන්තර තරඟයක් සඳහා මේ සංචිතයේ යෝග්‍යතාවය පිළිගත නොහැකි බවයි.

කෙසේ වෙතත් මේ වන විට ශ්‍රී ලංකා සංචිතය පිළිබඳව යම් එකඟතාවයකට පැමිණි බව වාර්තා වන අතර ඒ අනුව මාලිංගට සංචිතයේ අවසථාවක් හිමිවී ඇති බවත් චන්දිමාල් සංචිතයෙන් කැපී ඇති බවත් වාර්තා වේ. (cricketlanka)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "“මේ සංචිතය ජාත්‍යන්තර තරඟයකට සුදුසු නෑ දේශීය තරඟයකට නම් හොඳයි ..”- දයාසිරි"

    Post a Comment