09 April, 2017

අනූජ් රංගනයෙන් නිෂ්පාදනයට

Anuj Ranasinghe

අනූජ් රණසිංහ කිව්වාම ඔහුව කවුරුත් හඳුනන්නේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් ලෙසයි.

අනූජ් මේ දවස්වල යළිත් ප්‍රේක්ෂකයන් අතර කතාබහට ලක්වී ඇත්තේ හිරු මෙගා ස්ටාර්ස් වැඩසටහන නිසයි. කොහොම හරි මෙපමණ කාලයක් රංගන ශිල්පියෙක් විදිහට කටයුතු කළ අනූජ් චිත්‍රපට නිෂ්පාදනයටත් අවතීර්ණ වී ඇති බව අපිට දැන ගන්නට ලැබුණා.

අලුත් අවුරුද්දේ හා පුරා කියලා චිත්‍රපට නිෂ්පාදනයට පිවිසෙන අනූජ් ඒ ගැන අපිත් එක්ක කතා කළා.‘ ඇත්තටම රංගන ශිල්පියෙක් විදිහට ප්‍රේක්‍ෂකයන්ගේ ආදරය නිබඳවම මට ලැබෙනවා.

සිනමා කලාවට මම බො‍ෙහාම ප්‍රියයි ආදරෙයි. එනිසා රංගනයෙන් පමණක් නෙවෙයි. නිෂ්පාදනයෙනුත් මේ කලාවට දායක වියයුතුයි කියලා මට සිතුණා. ඒ වෙනුවෙන් මම ‘රෙඩ්‘ චිත්‍රපටය නිෂ්පාදනය කරනවා. එහි ප්‍රධාන චරිතය මම රඟ දක්වනවා.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "අනූජ් රංගනයෙන් නිෂ්පාදනයට"

    Post a Comment