10 April, 2017

බිපාෂා මවක් වෙයිද?

Bipasha will be a mother

බොලිවුඩයේ සරාගි නිලියන් අතරින් ප්‍රසිද්ධ තරුවක් වුණ බිපාෂා බාසුට නළුවන් කිහිප දෙනෙක්ගෙන්ම ප්‍රේම ආරාධනා ලැබුණත් අන්තිමට ඇගේ අත ගන්න තරම් වාසනාවන්ත වුණේ කරන් සිං ගේ‍රා්වර්.

පසුගිය වසරේ ජයටම මංගල දිනය සැමරුව බිපාෂා-කරන් යුවළට පුංචි අමුත්තෙක් එකතු වෙන්න යන බවට කටකතාවක් මේ දවස්වල පැතිරෙනවා.

කොහොම වුණත් බිපාෂා මේ දවස්වල රූගත කිරීම් බාර ගන්නෙත් නැතිව සාදවලට විතරක් සහභාගි වෙන නිසා මේ ආරංචිය ඇත්ත වෙන්නත් පුළුවන්. තවමත් මේ ගැන බිපාෂා නම් හරි තොරතුරක් මාධ්‍යයට කියලා නැහැ. ඒ වුණත් චිත්‍රපටවලට ලැබෙන ආරාධනා ප්‍රතික්ෂේප කරලා මේ විදියට කලාවෙන් ටිකක් අෑත් වෙන්නේ අම්මා කෙනෙක් වෙන්න සූදානම් වෙන නිසා කියලා තමයි හැමෝම සැක කරන්නේ.

ශාලිකා රංගනී සමරදිවාකර (MB WEB)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to " බිපාෂා මවක් වෙයිද?"

    Post a Comment