14 July, 2016

තාත්තාගේ ෆෝන් එකේ තිබ්බේ ගැලපෙන දේවල් නෙමෙයි - තරුණිය කියපු හද කම්පා කරවන කතාව

බණ්ඩාරවෙල ඇල්ල කුඹල්වෙල ප්‍රදේශයේදි පුද්ගලයෙක්ව පිහියෙන් ඇනලා මරලා දාලා.

මේ අපරාදේ කරලා තියෙන්නේ මියගිය පුද්ගලයා ගෙදරට එක්කගෙන ආපු තරුණියගේ තාත්තා.

මේ කතාව මුල ඉදලම සිද්ධ වුණේ මෙහෙමයි.

තරුණිය බණ්ඩාරවෙල පැත්තේ ක්‍රීඩා උළෙලකට ගිය වෙලාවේ තරුණයෙක් එක්ක සම්බන්දයක් ඇති කරගෙන.

පස්සේ එයා ඒ තරුණයත් එක්ක මීට දවස් 5කට කළින් පැනලා ඇවිත්.

කොහොමවුනත් 20 හැවිරිදි මේ තරුණියව 24 හැවිරිදි තරුණයත් එක් එයාගේ ගෙදරට ආවට පස්සේ තරුණියගේ තාත්තත් දුවව හොයාගෙන ඇවිත්.

මේ තරුණයා කළින් විවාහ වෙච්ච පුද්ගලයෙක්.

එක්දරු පියෙක් වුනු එයා තමන්ගේ බිරිද ගෙදරින් එළවලදාලා තමයි අපි මුලින් කියපු තරුණියව එක්කගෙන ඇවිත් තියෙන්නේ.

ඊයේ හවස තමන්ගේ දුවව හොයාගෙන ආපු මේ තාත්තා තරුණයට පිහියෙන් ඇනලා.

පිහි ඇණුම් කාපු තරුණය බදුල්ල මහ රෝහලට ඇතුළත් කළාට පස්සේ මරණයට පත්වෙලා.

ඇල්ල පොලීසියෙන් මේ තාත්තව අත්අඩංගුවට අරගෙන.

තාත්තගේ අතින් තමන්ගේ පෙම්වතා මියගිය සිද්ධියෙන් මේ තරුණිය ඉන්නේ ලොකු කම්පනයක.

ඒත් එයා අපිත් එක්ක පොඩ්ඩක් කතා කළා.

ගෙදර අයව දාලා තරුණයත් එක්ක එන්න සිද්ධ වුණේ තවදුරටත් ගෙදර ජීවත් වෙන්න පුළුවන් තත්ත්වයක් තිබුනේ නැති නිසා කියලයි මේ තරුණිය හැඩූ කදුළින් කිව්වේ.

ඒකට හේතුව තාත්තා ගතකරපු ජීවිතේ කියලයි එයා කියන්නේ.

තාත්තගේ ජංගම දුරකථනයේ තිබුනෙත් තාත්තා කෙනෙක්ට ගැලපෙන දේවල් නෙමෙයි කියලයි ඒ තරුණිය කියන්නේ.


Shocked Story About A Girl At Bandarawela

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "තාත්තාගේ ෆෝන් එකේ තිබ්බේ ගැලපෙන දේවල් නෙමෙයි - තරුණිය කියපු හද කම්පා කරවන කතාව"

    Post a Comment