23 January, 2017

පස්‌ හැවිරිදි දරුවාට සෙමට දෙන පෙති වෙනුවට ෂුගර් පෙති දීලා

- පානදුර ඖෂධ ශාලාවක දෙදෙනකුට දඩ

පස්‌ හැවිරිදි දරුවකුට සෙමට දෙන ඖෂධ පෙති වෙනුවට රුධිරයේ සීනි මට්‌ටම පාලනය කිරීමට දෙනු ලබන ඖෂධ නිකුත් කළ පානදුර ප්‍රදේශයේ ඖෂධ ශාලා හිමියකු හා එහි සේවකයා කළුතර දිස්‌ත්‍රික්‌ ඖෂධ හා ආහාර පරීක්‍ෂක බුද්ධික ගංගොඩතැන්න මහතා විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

කළුතර දිස්‌ත්‍රික්‌ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය උදය රත්නායක මහතාගේ උපදෙස්‌ මත අත්අඩංගුවට ගත් දෙදෙනා පානදුර අතිරේක මහෙස්‌ත්‍රාත් කල්හාරි ලියනගේ මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු චෝදනාවට වරද පිළිගත් හෙයින් එක්‌ අයකුට රුපියල් 10,000 බැගින් දෙදෙනා රුපියල් 20,000 ක දඩයක්‌ නියම කරන ලදී.

school-students-of-sri-lanka-girl-medicine

විජයසිරි විද්‍යාසේකර කළුතර සමූහ_දිවයින

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "පස්‌ හැවිරිදි දරුවාට සෙමට දෙන පෙති වෙනුවට ෂුගර් පෙති දීලා"

    Post a Comment