24 January, 2017

ඇත්තමයි මනීෂාත් මාත් අතරේ ආදරයක් නෑ – මිහිරාන්

yaash-mihiran-article
ඡුායාරූප: සස්සඳ ලියනාරච්චි

මේ දිනවල සිඳු නාට්‍ය වගේම එහි රඟන හැමෝමත් කා අතරත් කතාබහට ලක් වෙනවා. දිලූම් කියන්නේ සිඳු නාට්‍යයට එකතු වුණ අලූත්ම චරිතයයි. මේ චරිතයටත් මේ දවස්වල බොහෝ අය කැමැතියි. දිලූම්ගේ චරිතයට පණ පොවන්නේ රංගනයට ආගන්තුකයෙක් වුණ මිහිරාන්. මේ ඔහු ගැනයි.

මිහිරාන් කියන්නේ රංගනයට ආධුනිකයෙක්. එ්ත් කෙටි කලකින් සිදු හි දිලූම් නිසා මිහිරාන්ව ජනතාව හඳුනා ගත්තා.. ලැබෙන ප‍්‍රතිචාර ගැන කිව්වොත්..?
ඇත්තටම මාව කවුරුම හරි කෙනෙක් හඳුනා ගන්නවා නම් එ් හඳුනාගන්නේ සිඳු නාට්‍යයේ දිලූම් නිසයි. මම රඟපාන්න පටන් අරගෙන මාස හතරක්වත් නැහැ. එ්ත් සෑහෙන ප‍්‍රතිචාර ලැබෙනවා.

එ් ප‍්‍රතිචාර වලින් වැඩිපුරම මිහිරාන්ට ආකර්ෂණය ලැබිලා තියෙන්නේ තරුණියන්ගෙන් කියන්නේ ඇත්තද..?
තරුණියන්ගෙන් ප‍්‍රතිචාර ලැබෙනවා. එ් වුණාට වැඩිපුර ප‍්‍රතිචාර ලැබෙන්නේ පොඩි ළමයින්ගෙන්. පොඩි අය ළඟට ඇවිත් කතා කරනවා. සිඳු නාට්‍යයේ ඊළඟට වෙන්නේ මොනවද කියලා තමයි මගෙන් හුඟදෙනෙක් අහන්නේ.

කිසිම කෙනෙක් ඇහුවේ නැද්ද සි`දුහි තෙරුණිට ආදරේ කරන්නේ නැද්ද කියලා..?
දිලූම්ගේ හිතේ වගේම තෙරුණිගේ හිතෙත් දෙන්නට දෙන්නා ගැන කැමැත්තක් තියෙනවා. එ්ත් තවම එ් කැමැත්ත ආදරේකට පෙරළිලා නැහැ. එහෙම වෙයිද කියන කුතුහලය කාගෙත් හිත්වල තියෙනවා කියලා ලැබෙන ප‍්‍රතිචාර වලින් දැනෙනවා. හුඟක් තරුණ තරුණියන්ගේ ප‍්‍රශ්නය එ්ක තමයි.

රූප පෙට්ටියේ දකින්න ලැබෙන එ් ආදරණීය චරිත සෑබෑ ජීවිතේදී එකතු වුණොත්.. එ් කියන්නේ දෙන්නා ආදරේ කරන්න පටන්ගත්තොත්..?
එ්ක නම් කවදාවත් වෙන්නේ නැහැ. මම තෙරුණීට රඟපාන මනීෂාට කොහොමත් ආදරේ කරන්නේ නැහැ. අපි දෙන්නා හොඳින් කතා බහ කරනවා. විවේකයක් තියෙන වේලාවට අපිට ලැබෙන ප‍්‍රතිචාර ගැන අපි කතා කරගන්නවා. ගොසිප් ගැන එහෙම. එ්ත් එ් කතාබහ එතැනින් එහාට බැඳීමකට යන්නේ නැහැ.

සිඳු නාට්‍යයේ ළමා චරිත ටික දිලූම්ව නේද ආදර්ශයට ගන්නේ. එ් චරිත ඔබට සමීපද…?
ඔව්. රූගත කරන වැඩි වේලාවක් අපි එකට ගත කරන්නේ එ් නිසා එ් අයට මාව සමීපයි. මට ආදරෙයි. හොඳින් කතාබහ කරනවා. එ් වගේම සිඳු නාට්‍යයෙත් එ් හැමෝගෙම ආදර්ශය දිලූම්නේ.

අහම්බයෙන් නළුවෙක් විදිහට සමාජය ඉදිරියට ඔබව ගෙන ගියේ කාගේ උදව්වෙන්ද. එ් කොහොමද කියලත් මතක් කරමු..?
මම මීට අවුරුදු එකහමාරකට කලින් නිරූපණයට යොමු වුණා. මම නළුවෙක් වෙනවා කියලා හීන දැක්ක කෙනෙක් නෙමෙයි. එ්ත් නිරූපණ ශිල්පියෙක් වෙන්න හිතපු කෙනෙක්. එ් නිසාම ජිම් ගිහින් මම මගේ ශරීරයත් හදාගත්තා. ඊට පස්සේ නිරූපණයට යොමු වුණා. ඔය අතරතුරදී තමයි රඟපෑමටත් ආසාවක් එන්නේ. මගේ ඥති සහෝදරයෙක් තමයි මට එ්කට උදව් කරන්නේ. දිනුක කියලා. එයා වැඩ කරන්නේ දෙරණෙ. මට අයියා කිව්වා මගේ ඡුායාරූප ටිකක් දෙන්න කියලා. එයා තමයි මාව දෙරණ රූපවාහිනියට සම්බන්ධ කරලා සිඳු නාට්‍යයේ දිලූම්ගේ චරිතයට අවස්ථාව අරන් දුන්නේ.

දැන් ජනප‍්‍රිය වෙමින් ඉන්න නිසා වෘත්තීය මට්ටමින් රංගනය ආරම්භ කරනවද..?
තවම නම් එ් ගැන හිතලා නැහැ. මම පෞද්ගලික ආයතනයක සේවය කරන ගමන් රඟපාන්න යන්නේ. එ් ගැන හිතන්න ඕන. අවස්ථාව අනුව තීරණ ගන්නවා.

අලූත් ටෙලිනාට්‍යවලට ආරාධනා ලැබෙනවද..?
එක නාට්‍යයකට ආරාධනා ලැබුණා. එ්ත් එ් ආරාධනාව ප‍්‍රතික්ෂේප කරන්න සිදු වුණා. සිඳු නාට්‍යයේ වැඩ නිසා. සිඳු නාට්‍යයේ වැඩ අවසන් වුණාට පස්සේ නාට්‍යවලට ආරාධනා ලැබුණොත් පුළුවන් විදිහට රඟපාන්න යනවා.

මිහිරාන් දැන් පෙම්වතෙක්ද..රසිකාවියන්ගෙන් ආදරයට ඇරයුම් ලැබුණේ නැද්ද..?
දැන් නම් මට පෙම්වතියක් නැහැ. දැන්මම පෙම්වතෙක් වෙන්න අදහසකුත් නැහැ. මට ජීවිතේ ඉලක්ක තියෙනවා. රිදීතිරයේ ප‍්‍රධාන චරිතයකට පණපොවන්න ලොකු කැමැත්තක් තියෙනවා. ආදරේ කළොත් මට මගේ ඉලක්කයට යන්න බැරි වෙයි. ආදරය බාධාවක් වෙයි. එ් නිසා ටික කාලයක් තනිකඩව ඉන්නවා.

පුංචි නළුවට ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද..?
අම්මයි තාත්තයි මට ලොකු සහයෝගයක් දක්වනවා. මගේ ගම මාතර. මට අක්කලා දෙන්නෙක් ඉන්නේ. එ් හැමෝම මං ගැන සතුටු වෙනවා.

yaash-mihiran-01

yaash-mihiran-02

හර්ෂණී වීරරත්න_රිවිර

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ඇත්තමයි මනීෂාත් මාත් අතරේ ආදරයක් නෑ – මිහිරාන්"

    Post a Comment