23 January, 2017

අපි මූණට මූණ බලාගෙන ඉන්නවා

two-mps-political-cartoon

රටේ ලොකු මහත්තයට ආණ්ඩුවෙ බරපතළ විෂයක් භාර උප ඇමැති සයිස් මහත්තයෙක් පසුගියදාක හම්බවුණා.

ඈත පළාතකින් පත් වුණ නිලමෙ කෙනෙක් වුණත් උන්නැහේ ඉන්නෙ ඒ හැටි සන්තෝෂෙන් නෙවෙයි.

ආගිය තොරතුරු කතා කරන ගමන් කොහොමද අමාත්‍යංශෙ වැඩකටයුතු කියල ලොකු මහත්තය ඇහුවලු. ඒකට උප ඇමැති තැන දුන්නෙ අපූරු උත්තරයක්ලු...

“සර් අපේ අමාත්‍යාංශෙ නම බරපතළ වුණාට අපට ඒ හැටි වැඩක් නැහැනේ... කවදහරි වැඩක් හම්බුවෙනකම් ඇමැතිතුමයි මමයි අපේ පුටු දෙකේ මූණට මූණ බලාගෙන ඉන්නවා...”

මෙහෙම කියපු උප ඇමැතිතුමා සිනාසෙමින් “මොනව වුණත් සර් ඇමැතිතුමයි මායි හරිම සුහදයි මෙහේ වැඩ නැති නිසා. ඇමැතිතුමාට මොණරාගල පැත්තෙ වැඩකරගන්න නිදහස තියනව... ඒකත් මදැයි” කියලා කතාව නැවැත්තුවලු.

_දේශය

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "අපි මූණට මූණ බලාගෙන ඉන්නවා"

    Post a Comment