09 July, 2017

මෙරට වෙළද පරතරය පුළුල් වේ

Export - Import

මෙරට අපනයන ආදායම පසුගිය අප්‍රේල් මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 795 දක්වා සියයට 11.9 කින් වර්ධනය වී තිබෙනවා.

ආනයනය සඳහා වියදම අප්‍රේල් මාසයේදි ඩොලර් මිලියන 1604 දක්වා සියයට 9.8කින් ඉහල ගොස් ඇති බවයි මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ.

මේ අනුව අප්‍රේල් මාසයේ ආනයන - අපනයන වෙළඳ පරතරය ඩොලර් මිලියන 809 දක්වා පුළුල් වී තිබෙනවා.

ජනවාරි සිට අප්‍රේල් දක්වා මාස 4 ක කාලය සැලකු විට අපනයන ආදායම ඩොලර් මිලියන 3569 දක්වා ඉහල ගොස් ඇත්තේ සියයට 3.5කින්.

එම කාලය තුල ආනයන වියදම ඩොලර් මිලියන 6883 දක්වා සියයට 13.7කින් වර්ධනය වී තිබෙනවා.

මේ අනුව ජනවාරි සිට අප්‍රේල් දක්වා ආනයන - අපනයන වෙළඳ පරතරය ඩොලර් මිලියන 3314 දක්වා ඉහල ගොස් ඇති බවයි මහ බැංකු වාර්තා පෙන්වා දෙන්නේ.

පසුගිය වසරේ මුල් මාස හතරේ වෙළඳ පරතරය ඩොලර් මිලියන 2606ක්. (hiru)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මෙරට වෙළද පරතරය පුළුල් වේ "

    Post a Comment