08 July, 2017

ආසියානු රටවල ජංගම දුරකථන භාවිතය ඉහළට

mobile-phone-users

අනෙකුත් රටවලට සාපේක්ෂව ආසියානු රටවල ජංගම දුරකථන භාවිතය ඉහළ ගොස් ඇති බව ලෝක බැංකුව ප්‍රකාශ කළා.

2000 වර්ෂයේදී ආසියාවේ පුද්ගලයින් දහසක දෙනෙකුගෙන් 46 දෙනෙක් ජංගම දුරකථන භාවිතා කර තිබෙනවා.

සිය වාර්තාවලට අනුව 2015 වර්ෂයේදී පුද්ගලයින් දහසක දෙනෙකුගෙන් 923 දෙනෙක් දක්වා ජංගම දුරකථන භාවිතා කිරිම ඉහළ ගොස් ඇති බවයි ලෝක බැංකුව පවසන්නේ.

මෙම වාර්තාවලට අනුව ජංගම දුරකථන භාවිතය සීඝ්‍රයෙන්ම වර්ධනය වන ආසියාතික රට වන්නේ නේපාලයයි.

එය සියයට 67 ක් වන අතර, බංග්ලාදේශයේ සියයට 49 කින් ද, පාකිස්ථානයේ සියයට 46 කින් ද ජංගම දුරකථන භාවිතය වාර්ෂිකව වර්ධනය වනවා.

ශ්‍රී ලංකාවේ එය වර්ධනය වන්නේ සියයට 29 කින්. මෙරට ජංගම දුරකථන භාවිතය බොහෝ දුරට වර්ධනය වී තිබීම ඊට හේතුව වන අතර දැනට ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 100 දෙනෙකු සදහා භාවිත වන ජංගම දුරකථන සංඛ්‍යාව 111ක්. (hiru)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ආසියානු රටවල ජංගම දුරකථන භාවිතය ඉහළට"

    Post a Comment