09 July, 2017

අර්ජුනගේ චෝදනාවට ගුරා ගෙන් පිළිතුරු

Arjuna Ranatunga - Asanka Gurusinghe

චන්දිමාල් කණ්‌ඩායමෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා පළවීම සහ හිටපු නායක අර්ජුන රණතුංග ඒ සම්බන්ධයෙන් මාධ්‍යයට පැවසූ සියල්ල තමා දැක්‌ක බවත් චන්දිමාල්ව කණ්‌ඩායමෙන් එළියට විසිකර නොමැති බවත් ගුරුසිංහ වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

”චන්දිමාල් නැතිවීම සම්බන්ධයෙන් පත්තරේ තියෙන ප්‍රවෘත්තිය මම දැක්‌කා. ඔහුව අපි අයින් කරල නැහැ. පළමු තරගය පැරදුනාහම අපිට ලොකු පීඩනයක්‌ ආවා. ඒ නිසා බලාපොරොත්තු වූ වෙනස්‌කම් කරන්න හැකියාවක්‌ තිබුණෙ නැති නිසා සැලැස්‌ම වෙනස්‌ වුණා. චන්දිමාල් කියන්නෙ විශිෂ්ට ක්‍රීඩකයෙක්‌. ඔහු අනිවාර්යයෙන්ම කණ්‌ඩායමේ ඉන්නවා. අපි මේ තරගාවලිය ජය ගත්තට පස්‌සෙ බලනව අවසන් තරගයට හෝ ඔහුව ක්‍රීඩා කරවන්න”

ක්‍රීඩකයන් ආත්ම විශ්වාසය ලබාදිය යුතු බවත් 2019 ලෝක කුසලානට යන්නේ දැනට ඉන්න ක්‍රීඩකයන් 18 හෝ 20 සමඟ බවත් අසංක ගුරුසිංහ පවසයි. පසුගිය වසර තුන තුළදී ක්‍රීඩකයන් 40 ක්‌ එක්‌දින වරම් ලබාගැනීම සම්බන්ධයෙන් ‘දිවයින’ විමසන ලදුව ගුරුසිංහ වැඩිදුරටත් මෙසේ පැවසීය.

”අපි ලෝක කුසලානයට පසුගිය කාලයේ වගේ ක්‍රීඩයන් 40 ක්‌ අත්හදා බලන්න යන්නෙ නැහැ. දැනට මේ ඉන්න සංචිතයේ 18 ක්‌ හරි 20 ක්‌ හරි තමයි දිගටම තියාගන්න බලන්නෙ. මොකද ආබාධවලට ලක්‌ වෙලත් ක්‍රීඩකයන් ඉන්නවා. චැම්පියන්ස්‌ කුසලාන තරගාවලියේ ඉඳල අපි අලුත් වෙනස්‌කම් කළේ නැහැ. මේ ඉන්න කට්‌ටිය එක්‌ක තමයි ඉදිරියට යන්නෙ..”

(දිවයින)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "අර්ජුනගේ චෝදනාවට ගුරා ගෙන් පිළිතුරු"

    Post a Comment