24 January, 2017

වැට පැනලා තොටුපොලට එන ශ්‍රී ලංකන් ගුවන් සේවිකාවෝ (Video)

srilankan-cabin-crew-chennai-airport

මදුරායි සිට කොළඹ බලා පියාසර කරන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කපිතාන් හා කැබින් කාර්ය මණ්ඩලයට අපූරු සිදුවීමකට මුහුණ පෑමට සිදුව තිබේ.

කපිතාන් ආර්. ඩී අල්විස් මහතා කැබින් කාර්ය මණ්ඩලය සමග මදුරායි සිට නැවත කොළඹ බලා පියාසර කිරීමට මදුරායි ගුවන්තොටුපොළට පැමිණ ඇති අතර එම අවස්ථාවේ යම්කිසි පිරිසක් විසින් ගුවන්තොටුපොළේ ප්‍රධාන දොරටුව අවහිර වනසේ විරෝධතාවයක නිරතවී සිට ඇත.

ගුවන් ගමන කල්දමා නැවත නවාතැන් ගෙන සිටි හෝටලයට යනවා වෙනුවට කපිතාන්වරයා විසින් කෙසේ හෝ ගුවන්තොටුපොළට ඇතුළුවීමට උත්සාහ දරා තිබෙනවා. 

එහි ප්‍රතිඵලයක් ලෙස ගුවන් කාර්ය මණ්ඩලය රැගෙන ආ ඉන්දියානු ජාතිකයා විසින් කටුකම්බි වැටක් උස්සා ගුවන්තොටුපොළට යෑමට පාරක් පෙන්වා තිබේ. 

එහිදී ගුවන් කාර්ය මණ්ඩලය ඉතා අපහසුවෙන් ගුවන්තොටුපොළට ඇතුළුවූ අන්දම දැක්වෙන වීඩියෝවක් පහතින් දැක්වේ.


Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "වැට පැනලා තොටුපොලට එන ශ්‍රී ලංකන් ගුවන් සේවිකාවෝ (Video)"

    Post a Comment