24 January, 2017

පෙම්වතියගේ අහිමිවුණු කොණ්ඩයට ආදරය උදුරාගන්න නොදී හදවතින් පෙම් බඳින උතුම් පෙම්වතා



 


“වෙන කොල්ලෝ ආදරේ කරන්න සුදු පොෂ් කෙල්ලෝ හොයන අතරේ ඔයා හෙව්වේ අවංක ආදරයක් මල්ලියේ. ගොඩක් ආඩම්බරයි මල්ලි ඔයා ගැන. හැමදාම සතුටින් අාදරෙන් ඉන්න.. ඉස්සර අනුලාදේවියේ හිටපු පුංචි කෙල්ල. දැන් ලොකුයිනේ. වාසනාවන්තයි නංගි ඔයා ගොඩක්. අංග සම්පූර්ණයි කියලා කියන ගොඩක් අය ආදරේදි අසම්පූර්ණයි. ඒත් ඔයා ආදරේදි දිනුම්. හැමෝම මෙහෙමනම් මේ ලෝකේ මීට වඩා සුන්දර තැනක් වෙයි. තෙරුවන් සරණයි දෙන්නටම“

“Film වල love ස්ටොරි වල දැකපු සැබෑ ආදරය සියැසින් දැකපු අවස්ථාවක්… අනිවා නංගිට ඉක්මනින්ම සනීප වෙනවා.. බුදු සරණයි උඹලා දෙන්නට“

ආදරේ කියන අකුරු හතර ඇතුලේ ලොකු අර්ථයක් වගේම ලොකු ශක්තියක් ගැබ් වෙලා තියෙනවා.

ඒත් ඒ ආදරේ පිවිතුරුබව වගේම ආදරේ වටිනාකම හදුනන හදවත් ගොඩක් අඩුයි.

හමේ පාටට, සල්ලිවලට, හැඟීමට ආදරේ විකිණෙන මේ ලෝකේ ඇතුලෙම ඒ ආදරේ වෙනුවෙන් ජීවත් වෙන මිනිස්සුත් ඕනෑ තරම් මේ සමාජෙදි අපිට හමුවෙනවා.

අපි මේ විදිහට ආදරේ ගැන කියන්න හිතුවේ සැප සම්පත්වලට ලස්සනට ආදරේ කරන මිනිස්සු අතරේ හදවතට අවංකවම ආදරේ කරන තරුණයෙක් නිසයි.

ඔහු නමින් රන්සිඳු දෙනුවන්. රන්සිඳු පදිංචිවෙලා ඉන්නේ ගාල්ලේ. රන්සිඳු ආදරෙන් බැඳිලා ඉන්න තරුණියගේ ඔලුවේ ඇතිවුණු තුවාලෙකට කරපු බෙහෙතක් විස වෙලා පුංචි කාලෙදිම එයාගේ කොණ්ඩේ අහිමි වෙලා.

ඒත් ඒ අහිමිවීම ආදරේට බාධාවක් නොකරගෙන දෙපාරක් හිතන්නේ නැතිව රන්සිඳු මේ තරුණියට ආදරේ කරන්න පටන් අරගෙන.

ඉතිං මේ සමාජය ඇතුලේ ආදරේ හෑල්ලු වෙන, විකිණෙන, වෙනස් වෙන හැටි දැක්කම රන්සිඳු කියන්නේ උතුම් මනුස්සයෙක් කියලයි අපිට හිතෙන්නේ.

ඒ නිසාමයි මුහුණුපොත පුරාම හුවමාරු වෙන මේ ආදර කතාව ගැන අපිත් ඔබට කියන්න හිතුවේ.

මේ ගැන මුහුණු පොතේ පලවුණු අදහස් කිහිපයක්ද පහතින්...
 






Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "පෙම්වතියගේ අහිමිවුණු කොණ්ඩයට ආදරය උදුරාගන්න නොදී හදවතින් පෙම් බඳින උතුම් පෙම්වතා"

    Post a Comment