28 August, 2017

සමේ රෝග හටගන්නා හැටි සහ ඒවා සුව කරගන්නා ක්‍රම

skin-diseases

► ශරීරයේ ඇති වැදගත්ම ඉන්ද්‍රියක්‌ වන සමෙන් සිරුරට සිදුකරන කාර්යභාරය කුමක්‌ද?

► ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා

ශරීරයේ ඇති විශාලතම ඉන්ද්‍රිය වන්නේ සමයි. සිරුරේ ඇති අභ්‍යන්තර ඉන්ද්‍රියයන් ආරක්‍ෂා කිරීම සිරුරේ ඇතැම් ස්‌ථානවලට හැඩයක්‌ ලබාදීම, සිරුරේ උණුසුම නියමිත මට්‌ටමක තබා ගැනීම, ශරීරයට එකතු වන විෂ සහ අපද්‍රව්‍ය බහිස්‍රාවීය ක්‍රියාවලිය තුළින් සිරුරෙන් බැහැර කිරීම ඇතුළු වැදගත් කටයුතු රැසක්‌ සම තුළින් සිදුකරනු ලබනවා.

► සම රෝගී වන අයුරු පිළිබඳ හැඳින්වීමක්‌ කළොත්·

ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා

විවිධ හේතූන් මත පැන නැගෙන ගැටලුකාරී තත්ත්වයන් තුළින් සම රෝගී විය හැකියි. බාහිරින් පැමිණෙන ක්‍ෂුද්‍රජීවී ආසාදනවලින්ද සම රෝගී විය හැකියි. ස්‌පර්ශයෙන්, ලිංගික ක්‍රියාවලින් සහ අපිරිසිදුකම තුළින් එම රෝග ඇතිවිය හැකියි.

මීට අමතරව බෝනොවන රෝගද සමේ හටගත හැකියි. මෙම බෝ නොවන රෝග ඇතිවීමට ප්‍රධාන හේතුව වන්නේ රක්‌තය දූෂණය වීමයි.

► රක්‌ත දූෂණය සමේ රෝග වලට ප්‍රධානතම හේතුවක්‌ නම් රක්‌තය දූෂණය වන හේතු සහ ඒ නිසා හටගන්නා සමේ රෝග මොනවාද?

ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා

වා, පිත්, සෙම් දොaෂයන් අතුරෙන් පිත් දොaෂය අධික වූ විට එම තැනැත්තාගේ ශරීරයේ සෙම් දොaෂවල දායකත්වයෙන් සම වියළීම, ඉරිතැලීම හෝ කැසීම ආදී රෝග ලක්‍ෂණ ඇතිවිය හැකියි.

බිලිං, ගොරකා, සියඹලා, තක්‌කාලි, අන්නාසි ආදී විටමින් සී පදාර්ථයන් අඩංගු ආහාර වැඩියෙන් ගැනීමෙන් ඇස්‌කොටිස්‌ ඇසිඩ්, සිට්‌රික්‌ ඇසිඩ් බහුල වීමෙන් හා උෂ්ණාධික ආහාර වැඩිපුර ගැනීමෙන්ද රක්‌ත දොaෂ ඇතිවිය හැකියි. මීට අමතරව අධිකව නිදි වැරීම, දහවල් නිදා ගැනීම, කෘත්‍රිම ආහාර පාන වැඩිපුර ගැනීම, මත්පැන් පානය ආදි අහිතකර ක්‍රියාවන් නිසාද රක්‌ත දොaෂ ඇතිවිය හැකියි. ආහාර ජීර්ණ පද්ධතියේ ඇතිවන විවිධ දුර්වලතා නිසාද රක්‌තය දූෂණය විය හැකියි. දියවැඩියා රෝගීන් අධිකව පෙති භාවිත කිරීම නිසාද ඔවුන්ට සමේ රෝග ඇතිවිය හැකියි.

මෙම හේතු නිසා ඇතිවිය හැකි සමේ රෝග මොනවාද?

ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා

විශේෂයෙන්ම සඳහන් කළ යුතු තත්ත්වයක්‌ වන්නේ සමේ පලු දැමීමේ අවස්‌ථාවයි. මෙම පලු දැමීම සිරුර පුරාම පැතිරී දරුණු පීඩාවන් ඇතිකළ හැකියි. ඊට අමතරව කුඩා බිබිලි හට ගැනීමද සිදුවිය හැකියි. මේවා ක්‍රමයෙන් කැසීමේ තත්ත්වයක්‌ දක්‌වා වර්ධනය වී පසුව තෙත් දියර වැගිරීම දක්‌වා වර්ධනය විය හැකියි. පසුව ඒවා තුවාල බවට පත්වීමද විය හැකියි. දෙපාවල දණහිසෙන් පහළ ප්‍රදේශවල සම පුපුරා දියර ගලන තත්ත්වයට පත්ව අධිකව කැසීමේ තත්ත්ව ඇතිවීමද සිදුවිය හැකි අතර බොහෝ විට මේවා ඇඟිලිකරු ආශ්‍රිතව හට ගැනීම සිදුවෙනවා.

සමේ රෝගවල දරුණුම තත්ත්වය වන්නේ කුෂ්ඨ රෝග අවස්‌ථාවයි. මෙම රෝග බොහෝවිට පෙර ආත්මවල සිදුකළ අකුසල කර්මවල ප්‍රතිඵල ලෙසද හැඳින්විය හැකියි. මෙවැනි රෝගීන් ප්‍රතිකාරවලට අමතරව ආගමික පසුබිම කරා යොමුවීමද ඉතා වැදගත් වෙනවා.

සමේ රෝග සුවකිරීම සඳහා ආයුර්වේදය සතුව ප්‍රතිකාර ක්‍රම තිබෙනවාද?

ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා

දිගු ඉතිහාසයකට උරුමකම් කියන ආයුර්වේදය සතුව ඕනෑම රෝගයක්‌ සුවකිරීමට හැකි ප්‍රතිකාර ක්‍රමවේද තිබෙනවා. හැබැයි ඒ සඳහා ආයුර්වේද වෛද්‍යවරයා වෛද්‍ය ක්‍රම පිළිබඳ නිසි දැනුමක්‌ ඇති කෙනෙක්‌ විය යුතුමයි. නිවැරදිව ආයුර්වේදය ප්‍රගුණ කර ඇති වෛද්‍යවරයකුට ඕනෑම රෝගියෙක්‌ එම රෝගයෙන් නිට්‌ටාවටම සුවකිරීමේ හැකියාව පවතිනවා. විවිධ රෝග සඳහා හා ඒවා සුව කිරීමට විවිධ ඖෂධ වර්ග ආයුර්වේදයේ තිබෙනවා. ඒ අනුව සමේ රෝග සඳහා ද ආයුර්වේද ප්‍රතිකාර නිසි ලෙස ලබාගත්තොත් ඉතා කෙටි කාලයකදීම මෙම කරදරකාරී රෝග තත්ත්වය නිට්‌ටාවටම සුවකර ගැනීමේ හැකියාව රෝගීන්ට තිබෙනවා.

විවිධ රෝග වැළඳුණු රෝගීන් අප සුවකර තිබෙනවා. ඒ අනුව ආයුර්වේද ඖෂධ වලින් රෝග නිරෝග කිරීමේ ඇති විශ්මිත හැකියාවන් පිළිබඳ අත්දැකීමද ඕනෑ තරම් අප සතුයි. (දිවයින)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "සමේ රෝග හටගන්නා හැටි සහ ඒවා සුව කරගන්නා ක්‍රම"

    Post a Comment