මෙසේ ඉල්ලා අස්වීමට සැරසෙන උප සභාපතිවරු දෙදෙනාවන්නේ ජයන්ත ධර්මදාස හා කේ. මතිවානන් යන දෙදෙනාය.
පසුගිය දිනවල, ඩුබායිවෙත ගොස් සිටි ධර්මදාස මහතා මේවන විට දිවයිනට පැමිණ සිටින අතර ඔහු සිය ඉල්ලා අස්වීම ඉදිරි දින කිහිපයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත යොමු කිරීමට නියමිත බව පැවසේ.
මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ චෙක්පත් සඳහා අත්සන් තැබීම පසුගිය දින කිහිපයක සිට මතිවානන් මහතා ප්‍රතික්ෂේප කර ඇතැයි ද වාර්තා වේ.
උප සභාපතිවරුන් වන ධර්මදාස මහතා ජාත්‍යන්තර ක්‍රිකට් ප්‍රධානියා ලෙස ද මතිවානන් මහතා දේශීය ක්‍රිකට් ප්‍රධානියා ලෙස ද
කටයුතු කළේය.
මොවුන් සමඟ, විධායක කමිටු සමාජිකයකු ලෙස කටයුතු කරන ප්‍රියන්ත අල්ගම මහතා හා ජයන්ත මහතාගේ සම්බන්ධීකාරක ශිබ්ලි විල්කාසිම් මහතා ද සිය ධූරවලින් ඉල්ලා අස්වීමට සූදානම්වන බව පැවසේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය පරිපාලනයේ අවුල් හේතුවෙන් මොවුන් ඉවත්වීමට සැරසෙන බවද මේ අතර වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මිරර් ජයන්ත ධර්මදාස මහතාගෙන් විමසීමට දුරකථනය ඔස්සේ සම්බන්ධකර ගැනීමට උත්සාහ කළ ද එය අසාර්ථක විය.

_ශ්‍රීලංකන්මිරර්

Share this
|
|
0 Comment to "ජයන්ත සමඟ 4ක් ක්‍රිකට් ආයතනයෙන් අස්වෙයි ?"
Post a Comment