16 August, 2017

ඇතැම් කරුණු විවෘතව කතා කරන්න බෑ...ඒත් අමතක කරන්න එපා..‘‘ - තරංග සියලු ශ්‍රී ලාංකිකයින්ගෙන් කළ ඉල්ලීම !

upul-tharanga
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක උපුල් තරංග
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් කෙරෙහි විශ්වාසය තබන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක උපුල් තරංග ඉල්ලා සිටියි.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ, උපාය මාර්ගික හේතු මත ඇතැම් කරුණු විවෘතව කථා කළ නොහැකි වුවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් කෙරෙහි විශ්වාසය තබන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවයි.

ඉන්දියාව සමඟ පැවැත්වෙන එක්දින තරගාවලියට අදාළ ශ්‍රී ලංකා සංචිතය නම්කරමින් ඊට අදාළ මාධ්‍ය නිවේදනය සමඟින් ඔහු මෙම නිවේදනයද නිකුත් කර තිබුණි.

අදාළ නිවේදනය මඟින් ඉල්ලා ඇත්තේ, සෑම කණ්ඩායමක්ම පසුබෑම්වලට මුහුණදෙන බවත්, ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස අංශවලින් සිය බලපරාක්‍රමය දරා සිටි කණ්ඩායම දැන් මුහුණදෙන අමිහිරි තත්ත්වය හමුවේ එය අමතක නොකරන ලෙසත්ය.

උපාය මාර්ගික හේතු මත ඇතැම් කරුණු විවෘතව කථා කළ නොහැකි බවද ඔහු එහිදී ප්‍රකාශ කර ඇත.

නමුත් නිසැක වශයෙන්ම තිරය පිටුපස ප්‍රතිඵල දකිනවා කෙසේ වෙතත් එහි ධනාත්මක බලපෑම් මතුපිටින් පෙනීමට තව යම් කලක් ගතවිය හැකියි බවද ඔහු අදාළ නිවේදනයෙන් පවසා ඇත.

“මදක් ඉවසා සිටින්න. වැදගත්ම කරුණ වන්නේ අප කෙරෙහි විශ්වාසය තබන්න. නැගී සිටින්නට අපට ශක්තියක් වන්න’’ යනුවෙන් දක්වා තිබේ.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ඇතැම් කරුණු විවෘතව කතා කරන්න බෑ...ඒත් අමතක කරන්න එපා..‘‘ - තරංග සියලු ශ්‍රී ලාංකිකයින්ගෙන් කළ ඉල්ලීම !"

    Post a Comment