23 July, 2017

ගම්පහට විශේෂයි මවුපියන්ට සුවිශේෂයි

Gampaha

මනුෂ්‍යයාට තනිවම ජීවත් වෙන්න බෑ. සමූහයක් අතර ජීවත් වෙද්දී චර්යා රටාව විවිධයි. තමන්ගේ සහජීවන වටපිටාව තමා සමාජ සාත්තරේ. සමාජ යහපත වෙනුවෙන් බුද්ධිමය කුතුහලයකට ටියුෂන් තිඹිරි ගෙදර කුණු මුලු සොයන්නට අවසර දෙන්න.

පත්තරේ ලියන දේවල් බොහෝ දෙනා විශ්වාස කරනවා. කියවන ඔයාලාගේ පිළිගැනීම තමයි අපේ ශක්තිය හා උනන්දුව. ගෙවී ගිය සිකුරාදාවක ගම්පහ දිසාපති කාර්යාල ශ්‍රවණාගාරයේදී සියනෑවේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 13ක වගකිව යුතු නිලධාරීන්ගේ එකමුතු බලාපොරොත්තුව වුණේ ළමා, තරුණ පමණක් නෙවෙයි වැඩිහිටි අසහනයත් තුරන් කිරීමට අලුත් සාමූහිකත්වයක් සංවිධානය කිරීම. 'මව්බිම' පත්තරේ වෙනුවෙන් මටත් ඒ මොහොතට ආරාධනා කරලා තිබුණා... මගේ ගවේෂණයේ උපකාරක සහයෝගය පොලිසිය, මහජන සෞඛ්‍ය සේවය, අධ්‍යාපන අමාත්‍යාංශය ආදී වූ වගකිව යුතු පැහැදිලි කිරීම්.

සාමාන්‍ය පෙළ විභාගයට අතිරේක පන්ති ආපු ප්‍රසිද්ධ පාසලක සිසුවියක් වයස අවුරුදු 16යි. දෙමස් ගැබිනියක කියලා දැනගනිද්දී නීතියේ පිහිට මිස වෙන සරණක් නෑ. හුරුබුහුටි පෙම්වතාවත් සොයා ගත්තා. ඔහුත් ආසන්න පාසලක අවුරුදු 17ක සිසුවෙක්. මොවුන් පන්ති පැමිණෙන මුවාවෙන් නගරාසන්නයේම ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි ලැගුම් හලක තමයි හැඟීම් විභාගයට සූදානම් වෙලා තියෙන්නේ. ලැගුම් හලක කාමරයක් කුලියට දෙන්න කලින් ලේඛනයක හැඳුනුම්පත් අංකය සටහන් කරගත යුතුයි. මොවුන්ට හැඳුනුම්පත් තිබිලත් නෑ. බාල වයස්කාර දරුවන්ට නීත්‍යනුකූලවම විවාහයට ප්‍රතිපාදන නොමැත. 

ප්‍රාණඝාත ගබ්සාව නීති විරෝධීයි. මෙම දරුවන් දෙපළ සමඟ කතා කළ අදාළ නිලධාරීන් ප්‍රකාශ කොට සිටියේ මුහුණු පොත භාවිත කළ හැකි දුරකතන මොවුන් භාවිත කොට ඇති බවයි. කාර්යබහුලත්වය සහ අධ්‍යාපන තරගයේදී නවීන තාක්ෂණයත් අත්‍යවශ්‍යම මෙවලමක්. ප්‍රචාරාත්මක පෞද්ගලික අධ්‍යාපන ආයතනවලට දැඩි විනය සීමාවන් පැමිණීම අලෙවියට අවාසියකි. පවුලේ ටෙලිනාට්‍ය විවේකයේදී අඩුම ගාණේ පැය භාගයක්වත් දුරස් වෙලා මෙම ශාපලත් උභතෝකෝටිකයට විසඳුම් සෙවිය යුතුයි. හෙට ඔබේ දරුවාට අත්විය හැකි ව්‍යසනය වැළැක්වීමට ප්‍රායෝගික සත්‍ය හෙළිදරව් කිරීම මාධ්‍ය වගකීමයි.

අපේකම ඒ සුළඟේ ගසාගෙන යන්නට ඉඩ නොතබන්න..." පුවත්පත් ලේඛකයාට සමාජ හිවත්තු මිසක් පන්තිභේද නෑ.

ඊභඪබඪධද ටියුෂන් ඉගැන්වීම, පුහුණු කිරීම, ඒ සඳහා වූ ගාස්තුව. ගාස්තු තමයි හැමදේකදිම සාත්තුවට එරෙහි වන්නේ. නිදහස් පරිපාලන අධ්‍යාපන රාජ්‍ය ක්‍රමවේදයත් සුබසාධනයට වඩා ගාස්තුවට යට වෙනවා. තාක්‍ෂණයට බැන්නාට, සියලු දත්තයන් ගබඩා කරගත හැකි ස්මාර්ට් ෆෝන් පාවිච්චි කළාට මවුපියන්ගේ ගනුදෙනු නුහුරුව ගම්පහ වනසන කරුමෙක වතගොත ගවේෂණය කරද්දී හොඳටම රිදවපු ගැටලුවක් වුණා. ඒවාට විසඳුම් ඉදිරියේදී යෝජනා කරන්නම්...

කොළඹ- ජාඇළ බස් නැවතුම්වලට මාරුවන රේල්පාරට උඩින් තියෙන යකඩ පඩිපෙළ ඉහළට පහළට සිනහාවෙන සාංකාවෙන් පියවරෙන් පියවර මුදුනේ තියෙන සමතලාව උඩට වෙලා කුණු මුලු සොයන්නේ කරුමෙක වතගොත කියන්නම නෙවෙයි. ඇසට හසුවන සීමාවේ කොල්ලො කෙල්ලෝ ගොඩාරියයි. බහුතරයක් ඊභඪබඪධද අතිරේක උපකාරක පන්ති ආපු අය ධ්ධ්ධ් වැනි ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින ශ්‍රී ලංකාවේ අනාගත අයිතිකාරයෝ. ඔවුන්ගේ දෙනෙත්වල ප්‍රබෝධය තමා ජයග්‍රහණයේ සංහිඳියාව.

මැලවුණු දෙනෙතින් මා ඉදිරිපිට ළපටි පැටියෙක් කරපින්නා ගත්තු තරුණ දියණියක්.... ආයාචනාත්මක බැල්මක්. අමිහිරි අ‍ෙ¼දා්නාවකට වියළුණු රෝස තොල්පෙති විවර කළා.

"අනේ සර්... තියෙනවා නම් කීයක් හරි දෙන්න"

"ඇයි...." මට කියැවුණේ එපමණයි.

"මං කරගත්තු දේවල් මේ හිඟාකන්න ලැජ්ජා නෑ.... ඒත්..." අප ගොළු වුණා. හිරුට මුවා වුණ වලා හෙවණක් දාහය නිවා දැමුවා.

"ඒත් කියලා ඇයි නැවැත්තුවේ...?"

පාලම යටින් රේල්පාරේ යකඩ ඇඹරෙන සද්දෙන් කොළඹ දුවන රේල්ලුවකින් පිටවුණ සැරගඳක් ආශ්වාසයත් සමඟ ජීවන සුසුමක් ලෙසින් හදවතට ඇතුළු වුණා. දැරිය මුමුනන්න පටන් ගත්තා.

"හිඟමන් හැටියට නෙවෙයි සමහරු සල්ලි දෙන්නේ.. මගේ සිරුරට අත්තිකාරමක් හැටියට. අපේ බඩගින්න නිවා ගත්තොත් මට ඒ ඇති... සර්ගෙ සිංහල පන්තියට තමයි මමත් ගම්පහට ආවේ.. අපිරිසුදුවට ඉන්නේ හිතේ පිරිසුදුකම රැකගන්න..."

යළිත් ආලෝකය හා උණුසුම මැනවින් පතිතවන මද්දහනය. ජීවිතේ මද්දහන තමා යොවුන් විය. මද්දහනයේ ආදරයේ පිපාසයෙන් අසරණ වුණු මවු දුව. අත්වැල් පටලගත්තු තුරුණු පෙම් යුවළක් ඇයට රුපියල් 20 කොළයක් දිග් කළා...

"පින් සිද්ධ වෙනවා පුංචි නෝනා..."

"මං පුංචි නෝනෙක් නෙවෙයි. නංගි කියලා කියන්න..."

මිනිස්කමේ ආනන්දය ප්‍රඥාව සොයමින් උපකාරක පන්ති ආපු යුවළක් වෙන්න ඇති... ඇයගේ සහෝදරාත්මක ආමන්ත්‍රණය මාගේ ඇස් අගට කඳුළක් නොගෙනාවා නොවේ.. මට මගේ දූලාව මතක් වුණා.

ඔයාලාට කියන්නම් ඇගේ කතාව. මම හොයාගත්තු හැටි හරියට උපාය දූතයෙක් වාගේ ඉදිරියේදී අකුරු කරන්නම්.

ඉඳුනිල් පාලිත (මව්බිම)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ගම්පහට විශේෂයි මවුපියන්ට සුවිශේෂයි"

    Post a Comment