
අලුත් අවුරුදු සමයේ මගීන්ගේ මුදල් පසුම්බි, රන් මාල කොල්ලකෑම සඳහා හලාවත සහ පුත්තලම යන ප්‍රදේශවලින් තරුණියන් 20ක පමණ කල්ලියක් සංවිධානය වී සිටින බව වාර්තා වනවා.
එබැවින් ඔවුන්ගෙන් ආරක්ෂා වන්නැයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
එම තරුණියන් ඉතා හොඳ ඇඳුම් ආයිත්තම්වලින් සැරැසී බස්රථවල හා මිනිසුන් ගැවසෙන ස්ථානවල ගමන් කරමින් මේ
කොල්ලකෑමේ යෙදෙන බවයි පොලිසියට අනාවරණය වී ඇත්තේ.
ඊට අමතරව ඇතැම් කාන්තාවන් කුඩා දරුවන්ද වඩාගෙන මුදල් පසුම්බි සොරකම් කිරීමේ ක්‍රියාවලියේ නිරත වන බවෙද පොලිසිය පවසනවා.
ඇතැම් තරුණියන් පිරිමින්ට කුලුපග වෙමින් ඔවුන්ව පාළු ස්ථානවලට රැගෙන ගොස් ඔවුන්ගේ වටිනා භාණ්ඩ සොරකම් කිරීමේ කටයුතුද සිදු කෙරෙනවා.
ඇතැම් තරුණියන් පිරිමින්ට කුලුපග වෙමින් ඔවුන්ව පාළු ස්ථානවලට රැගෙන ගොස් ඔවුන්ගේ වටිනා භාණ්ඩ සොරකම් කිරීමේ කටයුතුද සිදු කෙරෙනවා.
පොලිස් කොස්තාපල්වරියකගේ සහ හිටපු රජයේ සේවකයකුගේ මුදල් පසුම්බි සොරකම් කිරීමේ සිද්ධියට මෙම කල්ලියේ දෙදෙනකු ඉකුත්දා බොරැල්ල පොලිසිය මඟින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මේ තොරතුරු අණාවරණ වී තිබෙනවා.
Share this
|
|
0 Comment to "අවුරුද්දට ගමේ යන කොල්ලන්ගේ ඉන ඉහ අතගාන අමුතු කෙල්ලො"
Post a Comment