03 February, 2017

රෑ එළි වෙනකං තැනින් තැන ගෙන ගොස් දියණිය කෙළෙසූ පාපතර පියා

father-rape-daughter

වරෙන් මාත් එක්ක යන්න..ඇරපල්ලා දොර...

මාතලේ නගරයේ සිට අවට සිරි නරඹන්නෙකුට ඉතා ආසන්නයේම පිහිටි අලගුමලේ කඳුවැටිය කදිමට දිස්වෙන මනරම් දසුනකි.

අලගුමලේ කඳුවැටියත් ඊට යාව ඇති මුවගල හා සන්නස් කඳුවැටි පසුබිම් කරගෙන එම කඳු පාමුලට වන්නට පිහිටි වටගොඩ රමණීය ගම්මානයකි.

තුරුලතා සිප එන සිසිල් සුළඟත්, සතා සිව්පාවන්ගේ සුමිහිරි නාදයත් වටගොඩ ගැමි පරිසරයට උරුම වූ දායාදයන්ය.

කිතුලක් මැදගෙන හරකා බාන බලා කියාගෙන ගොවිතැනින් බතින් තම දිවිය සරුකර ගත් වටගොඩ ගම්වාසීන්ගේ ගැමිදිවිය ගැමිකමින් පිරී තිබුණි.

මාතලේ නගරයට කිලෝමීටර් තුනක් තරම් ආසන්න දුරකින් පිහිටා තිබුණ ද වටගොඩ ගැමිකම නාගරීකරණය තුළින් තාමත් සංකරවී නැත.

ඒත් එහි වෙසෙන ජනයාගෙන් ඇතැමුන්ගේ සිත් සතන් සංකරවී නැතිවාම නොවේ. වටගොඩ ගම මුල්කර ගනිමින් පසුගිය දෙසැම්බර් මස 07 වැනිදා සිදුවූ මිහිකත නූහුලන අපරාධයකින් වටගොඩ ගම්මානය පමණක් නොව මුළු මිහිකතම සසල වී ගියේ ඒ නිසාමය.

46 හැවිරිදි වියේ පසුවන එක්දරු පියෙක් අට වසරක සිරදඬුවමක් විඳමින් සිට නිදහස ලබා ඔහු තම උපන්ගම වූ වටගොඩට පැමිණියේ පසුගිය නොවැම්බර් මස 18 වැනිදාය. ඔහුට එම සිර දඬුවම විඳින්නට හේතු වූ චෝදනා ගණනාවකි.

වයස අවුරුදු තුනහමාරේ එකම දියණිය අපචාරයට ලක්කිරීම, තම බිරිඳගේ මව දූෂණයට ලක්කිරීම, බිරිඳගේ සහෝදරියක් වූ ගොළු තරුණියක් දූෂණයට ලක්කිරීම යන චෝදනා ඔහුට එල්ල වී තිබුණි.

චූදිතයා පසුවුවේ පොලිසියට කට්ටි පනිමිනි. පොලිසිය ඔහුව අත්අඩංගුවට ගැනීමට දැරූ උත්සාහයන් ද ව්‍යර්ත විය. සිය බිරිඳ කපා කොටා තුවාල සිදුකළේ ද ඔය අතරමය. ගමටත් පවුලටත් බරක්ව සිටි චූදිතයාට වෙඩි තබා තුවාල සිදුකොට පොලිසියට අල්ලා දුන්නේ ඔහුගේ පියා විසින්ය.

ඉහත චෝදනා විභාගයට ගැණුනි. 2003 ඔක්තොම්බර් මස 30 වෙනිදා මාතලේ දිසා අධිකරණයේදී ඔහුට බරපතළ වැඩ සහිතව වසර 15 ක සිර දඬුවමක් නියම කෙරුණි. එම සිරදඬුවමත් වසර 08ක් ගෙවී ගිය පසුගිය නොවැම්බර් මස 18 වැනිදාට ඔහුට සමාවක් ලැබුණි.

“ධර්මසිරි හිරෙන් නිදහස් වෙලා” එම ආරංචිය ගමපුරා පැතිර යද්දී ගම්මුන්ගේ සිත් සතන් පිරී ගියේ සතුටකින් නොවේ. මහත් භීතියකිනි. හිරෙන් නිදහස්ව පැමිණ ඔහු ජීවත් වූයේ වටගොඩ පිහිටි ඔහුගේ ගමේ මහ ගෙදරය.

බිරිඳ එතෙර රැකියාවකට ගොස් බොහෝ කලකි. එකම දියණිය හැදී වැඩුණේ බිරිඳගේ දෙමාපියන් වූ මිත්තණිය හා සීයා සමඟය.

දෙන්නා දෙමහල්ලන්ගේ ආරවුල් මේ පවුල මෙසේ විසුරුවා තැබීමට හේතු වී තිබිණි.

පියාගේ මහ ගෙදරත්, දියණිය විසු මිත්තණියගේ නිවසත් වටගොඩ ගමේ පිහිටා තිබුණේ හූවක දුරිනි. හිරෙන් නිදහස්ව පැමිණි පියාට වටගොඩ ගමේදී සිය දියණිය හමුවූ අවස්ථා තිබුණී. සිරගත වන විට වයස අවුරුදු 14 තරම් දැරිවියක් වූ සිය දියණිය යළි ඔහු දකිද්දී වයස අවුරුසු 21 ක නාබර ගැටිස්සියකි.

ඒ අසුන්දර දිනය සුන්දර වටගොඩ ගම සොයා ආවේ පසුගිය දෙසැම්බර් මස 07 වැනිදාය.

රාත්‍රිය එළැඹෙමින් තිබුණි. උඳුවප් පෝයට මෝරා එන පුන්සෙඳ් රශ්මියෙන් වටගොඩ ගම්මානය පුරා පැතිර යන ඝනඳුර තරමකින් වලකා තිබුණි.
“දොර ඇරපල්ලා...”

නිවසේ සිටි දියණියත් මිත්තණියත් ඒ හඩින් තිගැස්සුණි. පැමිණ ඇත්තේ කවුදැයි සැකහැර හඳුනා ගැනීමට ඔවුනට එතරම් කාලයක් ගතවුයේ නැත.

“මේ මහ රෑ දොර අරින්න බැහැ. හෙට උදේම වරෙල්ලා...” නිවසින් ප්‍රතිචාර ලැබුණේ එලෙසිනි. ඔහුට ආපසු යෑමේ වුවමනාව නොතිබුණි. බැන වදිමින් දොර ඇරවා ගැනීමට දැරූ උත්සාහයත් ව්‍යර්ත වූ තැන ඔහුගේ පහරදීමකින් දොර ගැලවී විවෘත විය.

“වරෙන් මාත් එක්ක යන්න...” ඔහු සිය දියණියගේ අතින් ඇදගෙනම ඒ නිවසින් පිටතට ආවේ සිය බිරිඳගේ මව විලාප නගද්දීය. පියා සිය දියණිය ඇදගෙනම ඝන අඳුරේම නෙපෙනී ගියේය. වේලාව රාත්‍රී නවයට ආසන්නව තිබුණි. ඒ මොහොතේම මිත්තණිය මාතලේ පොලිසිය බලා ආවාය. දියණිය පැහැරගෙන යාම පිළිබඳව ඇය පොලිසියට පැමිණිලි කර සිටියාය.

“ඒ මව ඇවිත් පැහැර ගැනීම පිළිබඳ වූ පැමිණිල්ල කරනවිට රාත්‍රී නවයට විතර ඇති. චූදිතයා පෙර වැරදි ගණනාවකට දඬුවම් ලබපු අයෙක්. මූලස්ථාන පොලිස් පරීක්ෂක කීර්ති රත්නවීර මහතා ඒ මොහොතේම අපට වටගොඩ යන්න උපදෙස් දුන්නා. මම පොලිස් කණ්ඩායමක් සමඟ වටගොඩට ගිහින් ඒ රාත්‍රියේම විමර්ශන කටයුතු සිදුකළා...”

මාතලේ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ වැඩ බලන ස්ථානාධිපති ඒ. පී පැලවත්ත මහතා ඒ පිළිබඳව පැවැසුවේ එවැන්නකි.

පොලිසිය වටගොඩ ගමේ විමර්ශන කටයුතු සිදුකොට නැවත එන විට පාන්දර 2.30 පසුවී තිබුණි. ඒ අතරතුරදී කාටත් හොර රහසේම අඳුර ගිලගත් වටගොඩ ගමේදීම තවත් සිද්ධීන් පෙළක්ම සිදුවෙමින් පැවතුණි. ඒ පැහැරගත් දියණියත් ඒ අමන පියාත් අතරය. ඇතැම් තිරිසන් සිව්පාවන් අතර පවා සිදුනොවන ඒ සිදුවීම් පෙළ එදින රාත්‍රිය පුරා සිදුවෙමින් පැවතුණේ මිහිකත නූහුලන ආකාරයටයි.

දියණිය ඇදගෙන අඳුරට එක්වූ පියා කිලෝමීටරයක් තරම් දුරකින් කොන්ක්‍රීට් මහපාර මැදදීම තම දියණිය කෙලෙසුවේ මුල්වරටය. අතර මඟදී ඉතා අමානුෂික ලෙස තෙවරක්ම දූෂණයට ලක්කළ තම දියණිය ඔහු රැගෙන ගියේ වටගොඩ පිහිටි සිය සහෝදරයකුගේ නිවසකටය.

නිවැසියන් බිය ගැන් වූ ඔහු එදින රාත්‍රිය ගතකළේ එම නිවසේ කාමරයකය. එළිවන්නට මත්තෙන් ඒ කාමරය තුළදීම තවත් තෙවරක්ම ඇය දූෂණයට ලක්වූවාය.

පසු දිනට එළිය වැටුණි. තම දියණිය පැහැරගත් බවට මිත්තණිය පොලිසියට පැමිණිලි කිරීමේ පුවත ඔහුගේ කන වැටුණි. දියණියට තමාගෙන් මිඳීයාමට ඉඩ දුන්නේ ඒ පැමිණිල්ල ඉල්ලා අස්කරගන්නා ලෙසත්, සිදුවූ කිසිවක් කිසිවෙකුට නොපවසන ලෙසත් තර්ජනය කරමිනි.

එදින පෙරවරුවේම සිය මිත්තණිය සමඟ මාතලේ පොලිසියට පැමිණි දියණිය සිදුවූ සිදුවීම් මාලාවම පොලිස් පරීක්ෂක ඒ.පී පැලවත්ත මහතා ඉදිරියේ පාපොච්චාරණය කළාය.

පියා දුරකථනයෙන් සිය දියණිය ඇමතූ අවස්ථා ගණනාවක්ම ඇයගේ දුරකථනයේ සටහන්ව තිබුණි. ඇයට පියා සමඟ සංවාදයකට මඟ සලසා දුන්නේ ද පොලිසියයි.

“මගේ සල්ලි ඉවර වෙලා. එන ගමන් ෆෝන් කාඩ් එකක් ගේන්න” පියාගේ ඒ ඉල්ලීම දියණියගේ කන වැකුණේ පොලිසියට හොරා නොවේ.

පොලිසිය වහා ක්‍රියාත්මක විය. දියණිය වෛද්‍ය පරීක්ෂණයකට යොමු කරවමින් සියලු අතවර තහවුරු කරගනිද්දී වටගොඩට ගිය පොලිස් කණ්ඩායම සැකකාර පියා අත්අඩංගුවට ගැනීමට සමත් වූහ.

පසුව මාතලේ දිසා අධිකරණයට යොමුකළ සැකකරු රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කෙරුණි.

_හිරුගොසිප්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "රෑ එළි වෙනකං තැනින් තැන ගෙන ගොස් දියණිය කෙළෙසූ පාපතර පියා"

    Post a Comment