23 May, 2017

සංගා තම ක්‍රිකට් දිවියේ සුවිශේෂී කඩයිමක් පසු කරයි

kumar-sangakkara-08

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් ලෝකයේ තැන් තුනක තුන් විදියක දක්ෂතාවයන් දක්වන ආකාරය ඊයේ දැකගන්නට ලැබුණි. ඉන්දියාවේ IPL අවසන් තරඟයේ ජය මුම්බායි කණ්ඩායම ලබාගැනීම සමඟ මුම්බායි පුහුණුකරු මහේලට සහ අවසන් තරඟයේ දක්ෂතා පෙන්වූ ලසිත් මාලිංග ගැන බොහෝ ඉහලින් කතාවෙද්දී ශ්‍රීලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම ස්කොට්ලන්තය සමඟ පැවති පුහුණු තරඟයේදී පරාජයට පත්වීම ලජ්ජා සහගතය.

ජාතික ක්‍රිකට් කණ්ඩායම මේ ආකාරයෙන් නින්දා සහගත පරාජයන් ලබද්දී ක්‍රිකට් උපන් දේශයේ ක්‍රිකට් ක්‍රීඩාවේ මුදුන් මල්කඩ ලෙස හදුන්වන ලෝඩ්ස් ක්‍රීඩාංගනයෙදී සුපිරි පිතිකරු කුමාර සංගක්කාර තම පළමුපෙළ දිවියේ ලකුණු 20000 සම්පුර්ණ කිරීමට සමත් වීම කැපීපෙනෙනසිදූ වීමක් විය.

සරේ කණ්ඩායම නියෝජනය කරන සංගා සරේ කණ්ඩායම නියෝජනය කරමින් මිඩ්ල්සෙක්ස් කණ්ඩායමට එරෙහිව ඉනිම දෙකේම ශතක ලබාගෙන සුපිරි පිතිහරඹයක නිරතව සිටී.

සංගා ඊයේ වාර්තා කලේ තම 60 වන පළමුපෙළ ශතකය වන අතර ඔහු මේ වන විට තරඟ 258 කදී ලකුණු 20008 ලබා ගැනීමට සමත්ව ඇත. (cricketlanka)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "සංගා තම ක්‍රිකට් දිවියේ සුවිශේෂී කඩයිමක් පසු කරයි"

    Post a Comment