23 May, 2017

දෘෂ්‍යාබාධිතයන්ට සැරයටියක් තනා ලෝකයම දිනූ මාවතගම තාරක

Visually rod built Mawathagama Tharaka

තාරක දිල්ෂාන් කුමාර හේරත් මාවතගම මධ්‍ය මහා විද්‍යාලයේ 9වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන රටක් වටින දරුවෙකි. මෙම දරුවා පසුගිය දිනෙක ලංකාවේ නව ලෝකයේ රන් අකුරින් සටහන් කිරීමට කටයුතු කළේය. ඒ මැ‍ලේසියාවේ පැවැති ජාත්‍යන්තර නව නිපැයුම් හා තාක්ෂණ ප්‍රදර්ශනයේත් (International inventors Technology Exeibition - ITEX 2017) රටවල් පනස් තුනක තරගකරුවන් දෙසිය තිස්හය දෙනෙකු (236) පරදවා මෙරටට රන් පදක්කම් එකක් නොව තුනක්ම ලබා දෙමිණි. මෙම තරගාවලියේ කනිෂ්ඨ අංශයේ රන් පදක්කම මෙන්ම හොඳම නිර්මාණයට හිමි සම්මානයද තරගාවලියේ ප්‍රථම ස්ථානයද හිමිකර ගත්තේ තාරක දිල්ෂාන් විසින්. ලොවක් මවිත කළ මෙවැනි අවිශේෂී දක්ෂතාවයන් දැක් වූ තාරක තවමත් පසුවන්නේ දාහත් වැනි වියේය.

තාරුක දිල්ෂාන් මෙකී තරගාවලි සඳහා ඉදිරිපත් කළ නිර්මාණය වන්නේ දෘශ්‍යාබාධ සහිත පුද්ගලයින් භාවිතා කරන සුදු සැරැටියක්. එය උසස් තාක්ෂණයෙන් ‍පොහොසත් වූවකි. එය අද කා‍ලේ හැටියට ස්මාර්ට් සැරැටියක් යැයි පැවැසීම වරදක් නෙවේ. තම නිර්මාණය පිළිබඳ තාරුක පද ගැළපුවේ මෙලෙසිනි.
අපේ ගමේ දෘශ්‍යාබාධ සහිත පුද්ගලයින් සතර දෙනෙකු සිටියා. ඉන් එක් අයෙකු මිය ගියා. ඒ වෙලාවේ මම හිතුවා මේ අයට උපකාරවන නිපයුමක් නිර්මාණය කරන්න අවශ්‍යයි කියලා. ඒ අනුව තමයි සුදු සැරැටිය මම නිර්මාණය කළේ.

ඔහු ප්‍රථමයෙන්ම ඔහුගේ නිර්මාණය ඉදිරිපත් කරනුයේ ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගෙ සහයත් නිපැයුම් 2016 තරගාවලිය සඳහායි. එහිදී ඔහු ඉදිරිපත් කළ අංශයෙන් කලාප, පළාත් හා සමස්ත ලංකා ප්‍රථමයා වීමට ඔහුට හැකි විය. එකී ජයග්‍රහණය ඔහුට මැ‍ලේසියාවේ ක්වාලාලම්පුර් තරගාවලියට යාමට මග පෑදෙන්නේය.
තාරක විසින් සැරැටිය නිර්මාණයේදී ප්‍රධාන වශයෙන් කිරීමට උත්සාහ කර ඇත්තේ වටපිටාවේ පිරිසට මේ පැමිණෙන්නේ දෘශ්‍යාබාධ සහිත අයකු බව හැඟවීමටය. එහිදී විශේෂයෙන් රාත්‍රියේදී ඉදිරියෙන් අන්ධ පුද්ගලයකු පැමිණෙන බව හැඟවීමට සැරැටියට රතු පාට බල්බයක් සවිකර ඇති. ඊට අමතරව ලුමිනස් වර්ණයෙන් කහපාට පටිවලින් සැරැටිය සැරසීමට ඔහු කටයුතු කරගෙන ඇත.

එනිසා පසුගියදා විදුලිබල අක්‍රිය වුවද සැරැටිය හඳුනාගැනීමට අවට සිටිනා අපට හැක. මේ විදිහෙ දෙයක් රියදුරකු දුටු විට අනිවාර්යෙන්ම වාදනයක් බව හඳුනාගන්නවා ඒ අනුව රථයේ වේගය පාලනය කිරීමට ඔහුට හැකි වෙනවා. 

ඉදිරියෙන් බාධකයක් තිබෙන බව අන්ද පුද්ගලයින්ට දැන ගැනීම සඳහා මම සංවේදකයක් (Sencer) එකක් සැරයැටියට හයි කළා. එහිදී බාධකයක් ඇති විට සැරැටිය දෙදරීමටක ලක් වෙනවා. එහිදී දෘශ්‍යාබාධ සහිත පුද්ගලයාට බාධකය හඳුනා ගන්නවා. දෘශ්‍යාබාධ සහිත අයට රාත්‍රී දහවල වෙන්කර හඳුනා ගන්න හැකියාව නැහැ. මම ඔවුනට එය අවබෝධ කරගැනිමට ක්‍රම වේදයක් සැරැටියට ඇතුළත් කළා. එහිදී බොත්තමක් තද කිරීම තුළින් එය හඳුන්වා දෙනවා. දහවල නම් This is Sun time රාත්‍රිය නම් This is Night time යනුවෙන් පටිගත කළ පාඨයක් වාදනය වෙනවා. උදව්වක් ලබා ගැනීමට අවශ්‍ය වූ විට එහි තිබෙන්නේ බොත්තමක් එබිම පමණයි.

ස්විචය නවතන තුරාම Please help me යනුවෙන් පටිගත කළ පාඨකයක් වාදනය වෙනවා. මේ හැම දෙයක්ම මම අදාළ ලෙස සැලැසුම් කරලා (Programme) තියෙනවා. ඒවාගේම මේ සැරැටිය යටට බෝල හයිකරලා තිබෙනවා. එහිදී මෙය රැගෙන යන්නට ඉස්සීමකින් තොරව එහාට මෙහාට කිරීමේ හැකියාවත් තිබෙනවා.

තාරුක නිර්මාණ්‍ය කළ සැරැටිය නැවත විදුලි බලය ආරෝපණය (Recharge) කිරීමේ හැකියාව ඇති බැටරියකින් සමන්විතය. එකවරක් පූර්ණ ලෙස ආරෝපණය කිරීමෙන් පැය දෙකක් නොකඩවා භාවිතා කළ හැකි වේ. එයට අමතරව භාවිතා නොකරන විට විදුලි සැපයුම විසන්ධි කර තැබිමේ හැකියාව මෙහි ඇත.

තාරක දිල්ෂාන්ගේ මෙකී සියලු දක්ෂතා හඳුනා ගත්තේ මාවතගම මධ්‍ය මහා විදුහ‍ලේ තාක්ෂණ විෂය උගන්වන ගුරුවරයා වන කේ.බි.එස්. නන්දන කුමාරය.

තාරක පුතා 7 වසරේ ඉගෙන ගන්නා විට තනියම කැරකෙන වෙසක් කූඩුවක් හැදුවා. මම එදා තමයි මේ පුතාගේ දක්ෂතාවය හඳුනා ගත්තේ ඒ අනුව තමයි මූලික තරගය සඳහා මේ පුතාව පාසල් මට්ටමින් මම ඉදිරියට යැවීමට පියවර ගත්තේ..

තාරුක පුතු පිළිබඳ ගෘහණියක වන මව ශිරෝමි ලියනආරච්චි පවසන්නේ මෙසේය.

අපේ ගෙදර දඟම දරුවා. ‍පොඩි කා‍ලේ හරිම දඟයි. මුරණ්ඩුයි. ඒ වාගේම හරියට තරහා යනවා. ‍පොඩි කා‍ලේ කෑම මේසේ පුටු හයම කැඩුවා. ඒත් දැන් ගතිය ටිකක් අඩුවෙලා. කවදාවත් නැහැ බැහැ කියන වචන පුතාගේ කටින් පිට වෙන්නේ නැහැ. හැම විටම බලන්නේ ඉදිරියටම යන්න. අවුරුදු උත්වයකට ගියත් තෑගි ගොඩක් අරගෙන තමයි ගෙදර එන්නේ. පාස‍ලේ 2 වසරේ ඉගෙන ගන්න කොට එයාට මහණ වෙන්න ඕන කියලා මුරණ්ඩු වුණා. නමුත් පසුව එය මග හැරිලා ගියා. දැන් පුතා ඒ තරමටම තැන්පත් දරුවෙක්.

තාරකට ඇත්තේ මෙම හැකියාව පමණක් නොවෙයි. ඔහු ඉගෙනීමටද දක්ෂ දරුවෙකි. ඔහු කරාටේ කොළ පටි හිමිකරුවෙකි. ගමේ පන්ස‍ලේ ශිෂ්‍ය සමිතිවල නිලතල රැසක් හොබවන ඔහු වොලිබෝල් හා ක්‍රිකට් ක්‍රීඩාවේද නිරත වෙයි. ඔහු අවසානයේ ඔහුට උදව් කළ සැමට ස්තුති කිරීමට අමතක නොකළේය.

ඔහුගේ පියා වන වසන්ත කුමාර හේරත් සුළු ව්‍යාපාරිකයෙකි. නමුත් පුතුට තිබෙන අනාගත බලා‍පොරොත්තු ඉටු කිරීමට යම් යම් අපහසුතා ඔහුට නැතුවාම නොවේ. මේ හේතුව නිසාම තාරුක මෙවැනි ඉල්ලීමක් සැමගෙන් ඉල්ලා සිටියේය.

'මට රට යන්න ආසාව තිබුණා. අද මම එය ඉටුකරගත්තා. ඒ වාගේම මම හරිම ආසයි. රාජකීය, ආනන්ද නාලන්ද හරි ධර්මරාජ, කිංස්වුඩ් වගේ පාසලකට ගිහිල්ලා මගේ දැනුම තවත් වර්ධන කර ගැනීමට. ඒ සඳහා මා මේ වගේ පාසලකට ඇතුළත් කරගන්නවා නම් මට තවත් ඉදිරියට ගොස් තවත් නව නිර්මාණ කිරීමේ හැකියාව තිබෙනවා. මට අවශ්‍ය නිවැරදි දැනුම පමණයි. ශක්තිය මා සතුව පවතිනවා. මේ දරුවාගේ අහිංසක බලා‍පොරොත්තුව සරිකිරීමට හැකි නම් අනාගත විද්‍යාඥයකු අපි සතුවනවා නොඅනුමානයි.

ශිරෝමි රත්නායක (lakbima)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "දෘෂ්‍යාබාධිතයන්ට සැරයටියක් තනා ලෝකයම දිනූ මාවතගම තාරක"

    Post a Comment