30 January, 2017

කැනඩාවේ මුස්ලිම් පල්ලියකට වෙඩි වරුසාවක් - ට්‍රම්ප් නියෝගය පිටු දැක පැය කිහිපයයි (Video)

canada-mosque-shooting-1

කැනඩාවේ මුස්ලිම් පල්ලියක විවෘත වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

පුද්ගලයන් පස් දෙනෙකු එහිදී ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.

කියුබෙක් නගරයේ පිහිටි පල්ලියේ මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ ඉරිදා රාත්‍රියේදී.

එම අවස්ථාවේදී, පුද්ගලයන් 40ක් පමණ ඒ තුළ සිටි බවයි වාර්තා වන්නේ.

වෙඩි තැබීම සඳහා තුවක්කුකරුවන් තිදෙනෙකු සම්බන්ධ වී ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

සැකකරුවන් දෙදෙනෙකු පොලිස් මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉස්ලාම් අන්තවාදය ඉවත් කිරීම සඳහා අමෙරිකාවට සරණාගතයන් පැමිණීම වළක්වාලමින් ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග පැනවීමත් සමග කැනඩා නායකයන් සරණාගත අයිතීන් වෙනුවෙන් ඊයේ දිනයේදී අදහස් දැක්වූ අතර එවැනි වාතාවරණයක මෙම වෙඩි තැබීම සිදුවීම විශේෂත්වයක් බවයි විදෙස් වාර්තා පවසන්නේ.



canada-mosque-shooting-2

canada-mosque-shooting-3

-nethgossip

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "කැනඩාවේ මුස්ලිම් පල්ලියකට වෙඩි වරුසාවක් - ට්‍රම්ප් නියෝගය පිටු දැක පැය කිහිපයයි (Video)"

    Post a Comment