30 January, 2017

යාළුවගෙ පියා පාසලට කඩාපැන දෙකේ පන්තියේ සිසුවාට පහරදීලා

බෙලිඅත්ත පඤ්ඤානන්ද ප්‍රාථමික විදුහලේ දෙවැනි ශේ්‍රණියේ ඉගෙනුම ලබන සිසුවකුට එම පන්තියේම වෙනත් සිසුවකුගේ පියකු විසින් පාසලේදී පහරදුන් බව පවසා බෙලිඅත්ත පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ පැමිණිල්ලක් සටහන් කර ඇත.

බෙලිඅත්ත පඤ්ඥානන්ද ප්‍රාථමික විද්‍යාලයේ දෙක ශේ‍ර්ණිය ඕලු පන්තියේ ඉගෙනුම ලබන සානුජ හසන් නම් පාසල් ශිෂ්‍යයා මෙසේ පාසලේදී පහරකෑමට ලක්ව තිබේ. ඔහු පවසන්නේ තම පන්තියේ යහළුවකු සමඟ ඇතිවූ සුළු ආරවුලක් හේතුවෙන් එම යහළුවාගේ පියා පාසලට පැමිණ පන්තිභාර ගුරුතුමිය ඉදිරියේ තමන්ට පහරදුන් බවයි.

පහරකෑමට ලක්වූ සිසුවාගේ මව පවසන්නේ මෙලෙස තම දරුවා පාසලේදී පහරකෑමට ලක්වූ නිසා ඇති වූ බියෙන් ඔහු පාසල් යෑම ප්‍රතික්ෂේප කරන බවයි. පසුගියදා බෙලිඅත්ත පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ සී.අයි.බී. 36/153 අංක යටතේ පැමිණිල්ලක් සටහන් කළ බවත්ය. මේ පිළිබඳව පාසලේ විදුහල්පති ඩබ්ලිව්.රංජිත් මහතාගෙන් කළ විමසීමේදී සිසුවාගේ මවට ඔහු පවසා ඇත්තේ පාසලේ කීර්ති නාමයට හානියක් ඇතිවිය හැකි බැවින් පොලිසියේ පැමිණිල්ලක් සටහන් නොකරන ලෙසය.

school-students-of-sri-lanka-boys-03

-තංගල්ල - සහම්පති මානගේ_මව්බිම

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "යාළුවගෙ පියා පාසලට කඩාපැන දෙකේ පන්තියේ සිසුවාට පහරදීලා "

    Post a Comment