03 February, 2017

ඊයේ කොළඹ යුධ පිටියක් වුණ හැටි මෙන්න

police-attack-saitm-protest

හෙට දොස්තරවරුවෙන ගොඩක් අය අද හිටියෙ මහ පාරේ.

මේ අනාගත දොස්තරවරු හින්දා හුඟක් කොන්දොස්තරවරුන්ටයි රියදුරන්ටයි ජනතාවටයි හොදට රස්තියාදු වෙන්න වුණා. සයිටම්වලට කොහොම වෙතත් මේ උද්ඝෝෂණය ඊයෙත් කිසිම වරදක් නැති ජනතාවට නං දැනුණා.

මේ විදිහට වෛද්‍ය පීඨ සිසුන්ට පොලිසිය කඳුළුගෑස් ප‍්‍රහාර එල්ල කළේ ඔවුන් අධිකරණ නියෝග කඩකරමින් කටයුතු කරපු හින්ද. පා ගමන පටන් ගන්නකොටම අදාල අධිකරණ නියෝගය ගැන පොලිසිය් සිසුන්ව දැනුවත් කළා. ඒත් පෙළපාලිය පටන් ගත්තට පස්සෙ ඒ සිසුන් අධිකරණ නියෝගය කඩවන විදිහට හැසිරිලා.

දිවයිනපුරා පිහිටි රාජ්‍ය විශ්ව විද්‍යාලවල වෛද්‍ය පීඨ සිසුන් ඊයේ මෙලෙස සූදානම් වුණේ සයිටම් විරෝධී පා ගමනකටයි. ඔවුන් සියලූදෙනා පස්වරුවේ කොළඹ වෛද්‍ය විද්‍යාලය අසළට රැස්වුණා. ඒ වනවිට කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් පොලිසිය කළ ඉල්ලීමක් අනුව අධිකරණ නියෝගයක් නිකුත් කෙරුණේ මහජන පීඩාවක් ඇති නොවන පරිදි පෙළපාලිය ගමන් කිරීමට කටයුතු කරන ලෙසයි.

කෙසේ වෙතත් කිංසිපාර, පුංචි බොරැුල්ල, මරදාන, ටෙක්නිකල් මංසන්ධිය හරහා පිටකොටුව ප‍්‍රදේශයට පෙළපාලිය පැමිනෙද්දී අවට මාර්ගවල දැඩි රථවාහන තදබදයක් හටගත්තා. මේ වනවිට කාර්යාලවේලාවන් හේතුවෙන් කොළඹ අවට මාර්ග රථවාහනවලින් පිරී තිබූ අතර සිසු පා ගමන හේතුවෙන් තදබදය වඩාත් තීව‍්‍රර වුණා.

පෙළපාලියේ නිරත ඇතැම් සිසුන් මහාමාර්ගය අවහිර කරමින් සිදුකළ මෙවැනි කි‍්‍රයාකාරකම් ද රථවාහන තදබදය උග‍්‍ර වීමට හේතු වුණා. සරසවි සිසුන් 3500 කට අධික ප‍්‍රමාණයක් පැමිණි මෙම පෙළපාලිය කොටුව දුම්රියපල ඉදිරිපිටින් නවත්වන ලෙසයි පොලිසිය දැනුම් දුන්නේ. නමුත් ඔවුන් එම දැනුම්දීම නොතකා ලෝටස් පාරේ පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා ගමන් කිරීමටයි උත්සාහ කළේ.

ඒ අනුව අධි ආරක්ෂිත කලාපයට ඇතුලූ නොවන ලෙස හා මහජන පීඩාවක් ඇති නොවන ලෙස පෙළපාලියේ නිරත විය යුතු බවට අධිකරණ නියෝගය කඩ කිරීම හේතුවෙන් පොලිසිය කඳුළු ගෑස් හා ජල ප‍්‍රහාර එල්ල කොට ඔවුන් විසුරුවා හැරීමට පියවර ගත්තා.


_ගොසිප්කින්ග්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ඊයේ කොළඹ යුධ පිටියක් වුණ හැටි මෙන්න"

    Post a Comment