17 July, 2017

දියණිය මරා දමා දැන් අපහාසත් කරනවා - ප්‍රේමයක් නෑ - කොට්ටාවේ ඝාතනයවූ තරින්දිගේ මව හඬමින් කියන කතාව

Tharindi Aloka - Killer

තම මුදල් වලට කෑදර වී දුව හරහා එම අභිලාෂය ඉටුකර ගැනීමට නොහැකි වු තැන දුව ඝාතනය කර පළාගොස් සැඟව සිට නැවත ව්‍යාජ ප්‍රකාශ ලබා දෙමින් පොලිසියට භාරවී ඇති සැකකරු තම දියණියට අපහාස වන අයුරින් කටයුතු කර ඇති බව කොට්ටාවේ දී අමානූෂික ලෙස ඝාතනය කළ තරින්දි ආලෝකා තරුණියගේ මව පවසනවා.

මාධ්‍ය හමුවක් පවත්වමින් අද (16) කමලා එගොඩ වත්ත නැමැති ඇය සඳහන් කර සිටියේ එම අවස්ථාවේ සිදුවීම හැර එම ඝාතනයට හේතුපාදක වූ කිසිම ප්‍රකාශයක් තමාගෙන් පොලිසිය ලබා නොගත් බවයි.

කොට්ටාව - මත්තෙගොඩ පාරේ අංක 162/2 නිවසේ පදිංචිව සිටි එස් ඒ තරින්දි ආලෝකා (26) හැවිරිදි තරුණිය පසුගිය ජූනි 22 දින පෙම්වතා යැයි පැවසු පුද්ගලයෙකුගේ පිහිපහරින් සදහටම මෙළොවින් සමුගත්තා.

සියඵම මාධ්‍ය ඔස්සේ තම දියණියගේ ඝාතකයා විසින් සැලසුම් කොට ගොතා කළ ප්‍රකාශයන් පලවූ හේතුවෙන් තමන්ගේ මියගිය දියණියට අසාධාරණයක් වූ බවත් තමන් කියන දේද මාධ්‍යය ඔස්සේ පළකර පෙර ඇතිවු අපහසුතාවයෙන් තමන් මුදවා ගන්න ලෙසත් ඇය හඬමින් ඉල්ලා සිටියා.

ඇය පවසන්නේ මියගිය තරින්දි ආලෝකා තරුණිය ඝාතකයා සමග ප්‍රේම සබඳතාවයක් නොපැවැත්වූ බවයි.

ඔහු ප්‍රේම සබඳතාවයක් ගොඩනඟා ගැනීමට උත්සාහ කළද තම දියණිය එය තරයේම ප්‍රතිකේෂ්ප කළ බවද ඇය සඳහන් කළා.

ඝාතකයා වෙනත් රූමත් තරුණියක හා වසර පහකට අධික කාලයක් ප්‍රේම සබඳතාවයක් තිබූ අතර ඔවුන් විවාහ ගිවිස ගැනීමේ අවස්ථාව යෙදී තිබුණේ තම දුවව ඝාතනයට ලක් කළ දිනයේ බවද ඇය පැවසුවා.

තව දුරටත් කමලා එගොඩවත්ත මහත්මිය ප්‍රකාශ කරමින්...

"ඔය තරුණයාව අපි හඳුනා ගන්නේ අපේ ව්‍යාපාරික ස්ථානයට අල්ලපු ව්‍යාපාර ආයතනයේ වැඩකළ ලසන්තගේ මාර්ගයෙන්. ලසන්ත අපිට බොහොම හිතවතෙක්. ඔහු අල්ලපු කඩේ වැඩකරන එකෙන් ඉවත්වී සංචාරක සේවා සපයන අයතනයකට බැඳුණා. ලසන්ත අපි සමග වසර 25ක පමණ හිතවතෙක්. අපේ බංගලාවත්තේ නිවසක් තිබෙනවා.

මගේ කඩේ වැඩකරන ළමයි ඉන්නේ එකෙයි. ලසන්තත් එහි නවාතැනට ආවා. අපි හිතවත් නිසා ඉන්න දුන්නා. ඔය ඉන්නා අතරෙදි ලසන්ත මගෙන් ව්‍යාපාරික කටයුත්තකට කියා රුපියල් ලක්ෂ පහක් ඉල්ල ගත්තා. ඔහුගේ යාඵවෙකුට කියා කීවත් එයාට ලසන්ත ඇපවුණු නිසා දුන්නා.

එම මුදල් ඔය කසුන් කියන පුද්ගලයාට දී තිබිණා. ඔය අතරෙදි ලසන්ත වැඩ කරන සංචාරක ආයතනය හරහා මගේ සැමියා බැංකොක් ගියා. එම බැංකොක් කණ්ඩායමේ දසදෙනා තුල මේ කසුන් ද සිටියා. මෙම සංචාරයෙදී මගේ සැමියා කසුන් මිතුරන් වුණා. ඒ මිතුරුකමට අපේ ගෙදරට ආවා. සතියට දෙවරක් විතර ආවා. දිනෙන් දින අපට කුඵපහ වුණා. ඒ මිතුරුකමට අපේ ගෙදරට ආවා. "

Tharindi Aloka - Mother

Tharindi Aloka - 02

(Neth)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "දියණිය මරා දමා දැන් අපහාසත් කරනවා - ප්‍රේමයක් නෑ - කොට්ටාවේ ඝාතනයවූ තරින්දිගේ මව හඬමින් කියන කතාව"

    Post a Comment