17 July, 2017

හොඳම යාලුවෝ නිවෙසකට කඩා වැදී සැමියාට පහර දී බිරිඳ දූෂණය කරපු හැටි ...!!!

gang rape - two

විල්පත්තුව ප්‍රදේශයේ පදිංචිව සිටි හේන් ගොවියෙකුගේ බිරිදක් බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් විල්පත්තුව කැලැවේදී දූෂණය කල කසිප්පු වෙළෙන්දන් දෙදෙනෙකුට දොළොස් වසරක බරපතල වැඩ සහිත සිරදඩුවමක් ලැබි තිබෙනවා.

2004 වසරේ අප්‍රේල් ‍‍‍යාය 18 රාජාංගනය ප්‍රදේශයේ පදිංචිව සිටි තිදරු මවක් බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් විල්පත්තුව කැලෑවේදී සමූහ දූෂණයට ලක්කිරීමේ චෝදනා මෙම කසිප්පු වෙළෙන්දන් දෙදෙනාට එල්ලව තිබුනි.

සැකකරුවන් දෙදෙනා හොදම මිතුරන්වන අතර හේන් පැලක ජීවිත්වූ කාන්තාව සිටි පැලට පැමිණ සැමියාට පහරදී ඇයව පැහැරගෙන ගොස් විල්පත්තුව කැලෑවේ ගල් පොත්තක් මතදී ඇයව සමූහ දූෂණයට ලක්කර තිබූ බව නඩු විභාගයේදී හෙළිව තිබෙනවා.

විත්තිකරුවන් දෙදෙනා කාන්තාව දූෂණයට ලක්කර ගල් පොත්ත මතටවී නිදා සිටියදී ඇය ඔවුන්ට නොදැනෙන ආකාරයෙන් කැලෑ මාර්ග ඔස්සේ පොලිස් මුරපොලක් වෙත පැමිණ සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදි තිබූ බවද මූලීක නඩු විභාගයේදී කියවිණි.

මෙසේ සිරදඩුවම් නියමවූයේ නොච්චියාගම පොලිස්බල ප්‍රදේශයේ යාය 18 රාජංගනය ලිපිනයේ පදිංචි අසංග ප්‍රභාත් ආරියදාස හා රන්කොත් පේඩිදූරයලාගේ සමන් යන චූදිතයන් දෙදෙනාටයි.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "හොඳම යාලුවෝ නිවෙසකට කඩා වැදී සැමියාට පහර දී බිරිඳ දූෂණය කරපු හැටි ...!!!"

    Post a Comment